ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

නව ජනපති දිවුරුම් දෙන දා අලුත් අගමැතිවරයෙක්

නොවැම්බර් 16 වැනි දින ජනාධිපතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඒ සමග නව අගමැතිවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කෙරෙනු ඇත.

මේ බව අණාවරණය වූයේ පසුගිය අගහරුවාදා කොලඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ පවත්වන ලද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ගේ මාධ්‍ය සාකච්ඡාවේදිය. එහිදී මේ ගැන අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ජනාධිපතිවරණය හමාර  වූ සැණින් අලුත් අගමැතිවරයෙකු සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට සිදුවන බව පෙන්වා දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන අනුව එක් ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ පසු නව අගමැතිවරයෙක් සහ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම අනිවාර්ය අංගයකි. 2015   සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ වහාම හිටපු අගමැති දි.මු ජයරත්න මහතා ඉවත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42ක ගේ සහාය ලද එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළේය. ඒ අනුව මෙවරද අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙනු ඇත.

Leave a reply: