නව රජය සදහා අලුත් මුහුණුවරක්

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගත් පසු පිහිටවනු ලබන අමාත්‍ය මණ්ඩලයට රාජපක්ෂ පවුලෙන් ඇතුළත් වන්නේ එක් සාමාජිකයකු පමණක් බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග සදහන් කරයි .මේ සම්බන්ධව පසුගිය දිනවල විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර 2015 දී පැවති මහින්ද රාජපක්ෂ රජය බිද වැටීමට ප්‍රධාන හේතුවක් වූයේ රාජපක්ෂ පවුලේ සාමාජික සංඛ්‍යාව වැඩිවීම බව පක්ෂ හිතවතුන් රැසක්ම පෙන්වාදී තිබේ .

එම නිසා මෙවර ජනාධිපතිවරණයෙන් නිත්‍ය වශයෙන්ම ජයග්‍රහණය කරන ගෝඨාභය රාජපක්ෂ මහතා පිහිටවනු ලබන ශ්‍රී ලංකා පොදුජන සන්ධාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ පවුලෙන් ඇතුළත් වන්නේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පමණි .නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට, ශශීන්ද්‍ර රාජපක්ෂ මහතාට කිසිදු තනතුරක් හිමි නොවනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ .පොහොට්ටුවේ නායකයන් මෙම විශේෂ තීරණය ගනු ලැබුවේ ඉදිරියේ පත්වන නව රජය සදහා අලුත් මුහුණුවරක් ලබාදීමේ අටියෙනි. මෙම තීරණය මහින්ද රාජපක්ෂ මහතා විසින්ද අනුමත කර තිබේ .

Leave a reply: