ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

නිරෝධායනයට ලක් කර සිටින රාජිත සේනාරත්නට තවත් අල්ලස් නඩුවක් .

සුප්‍රකට සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව නිසා දැනට බන්ධනාගාර ගතකර සිටින හිටපු ඇමැති ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් නඩුවක් පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇත.පිටරටින් මෙරටට ඖෂධ ආනයනයේ දී සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෙසු මිලදීගැනීම් ගණනාවක දී රුපියල් මිලියන සිය ගණනක් කොමිස් ලෙස ලබාගෙන වත්කම් රැස් කිරීම ඔහුට එල්ල වී ඇතිි බරපතළ චෝදනාවයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය පැවති කාලයේ විපක්ෂයේ සිටි වත්මන් රජයේ දේශපාලනඥයින් ගණනාවක් අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කර තිබිණි .එම පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස රාජිත සේනාරත්නට වාර ගණනාවක් දැනුම් දී තිබුණත් ඔහු ඊට නොපැමිණියේ රාජ්‍ය බලය පාවිච්චි කරමිනි.අල්ලස් දූෂණ කොමිසමේ සිතාසිය අනුව රාජිත සේනාරත්න කොමිෂන් සභාවේ පරීක්ෂණයට සහභාගි නොවුවද ඔහුට එරෙහිව පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පක්ෂග්‍රාහී කොමසාරිස්වරු අසමත් විය.එසේ වුවද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ වර්තමාන කාර්ය මණ්ඩලය අදාළ පරීක්ෂණ නැවත පණ ගැන්වීමට සූදානම් වෙති .පසුගිය රජයේ උවමනාවට පත් කරන ලද කොමසාරිස්වරුන් ගේ නිල කාලය තවත් මාස තුනකින් පමණ හමාරවෙයි.

ව්‍යාජ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව මඟින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කිරීමත් පදනම් විරහිත බොරු චෝදනා එල්ල කිරීමත් නිසා දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මේ දිනවල කොරෝනා රෝගීන් සමග නිරෝධායනය ට ලක් කර සිටියි.තවත් දින 14 කින් පමණ ඔහුගේ නිරෝධායනය අවසන් කොට PCR පරීක්ෂණයකින් ද පසුව හිටපු අමාත්‍යවරයා වැලිකඩ රිමාන්ඩ් සිරකරුවන් ගේ බන්ධනාගාරය වෙත මාරු කිරීමට නියමිතය .

Leave a reply: