නීතිපති අංශයේ ලොක්කන් ගණනාවක් අල්ලස් දුෂණ කොමිසමට.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පදවිය දරමින් පසුගිය යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුව නැමැති නීති විරෝධී දේශපාලන ජුන්ටාවෙන් මාසිකව වැටුප් ලබාගත් තැනැත්තෙක් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් අල්ලස් දුෂණ කොමිසමට පැමිණිලි කිරීමට ජ්‍යෙෂ්ඨ නීතිඥ පිරිසක් සැරසෙති.මෙම පැමිණිල්ල අනුව ඔවුන් දෙපාර්තමේන්තුවෙන් ලබන වැටුපට අමතරව රුපියල් විසිතුන් දහසේ සිට ඉහලට විවිධ ගෙවීම් යටකී නීති විරෝධී කමිටුවෙන් ලබාගෙන තිබේ.

රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් ගෙන් පෞද්ගලිකව පළි ගැනීමට නඩු සැලසුම් කිරීම ඒවා පොලිස් විමර්ශන වලට යොමු කිරීම ඒවාට නීති උපදෙස් ලබා දීම පදනම් විරහිත අධිචෝදනා සැකසීම සහ එම නඩුවට පෙනී සිටීම එකම නිලධාරියෙකු විසින් සිදුකිරීමෙන් ව්පක්ෂය දඩයම් කිරීමට කටයුතු කළ මෙම තැනැත්තා ශානි අබේසේකර මෙන් නීතිය හමුවට ගෙන ඒමට අදාල පියවර ගැනීම පිණිස මෙම පැමිණිලි සිදු කෙරේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නීතියට පටහැනි දේශපාලන කමිටු වලින් මාසික වැටුප් ලබා ගැනීමට කිසිම හිමිකමක් නැත.එය පැහැදිලිවම දූෂණ ක්‍රියාවක් බැවින් ඊට අදාළ සියලු ලිපි ලේඛන සමඟ පැමිණිලි ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත .

මෙම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් ගොතන ලද වත්මන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට අදාළ බොරු නඩුව යහපාලන රජය කාලයේම උසාවියෙන් විසිකර විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළේය.එහෙත් එම ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියා ඇතුළු වූ දෙදෙනෙක් නිකරුනේ බන්ධනාගාර ගත කොට ඔවුනට කරන ලද අවමානයට වන්දි ගෙවීමට කෙනෙක් නැත.

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඉතා අවංක හා කීර්තිමත් රාජ්‍ය නිලධරයකු ලෙස පිළිගැනෙන ලලිත් වීරතුංග මහතාට එරෙහිව ද මොහු විසින් නඩුවක් ගොතන ලද අතර එහි අභියාචනා තීන්දුව ආසන්නයේ තිබෙන නිසා ඒ ගැන යමක් සඳහන් නොකරමි.

මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ නාමල් රාජපක්ෂ උදය ගම්මන්පිල විමල් වීරවංශ වීරවංශ ආදී රාජපක්ෂ රජයේ ප්‍රබලයන් රැසක් කොටු කිරීම සඳහා මොහු විසින් කරනලද ඇතැම් සැලසුම් යහපාලන රජය යටතේ ක්‍රියාත්මක විය.රට දැය ත්‍රස්ත වාදයෙන් බේරාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුට සහාය වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නිකරුනේ සිරගත කිරීමට අධිකරණය පවා අකමැති වීම නිසා ඔවුන් සිරගත කිරීම වැලකිණි.

දැන් එළඹ ඇත්තේ මෙම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රමුඛ නඩයට තමන් කරන කියන ලද දෑ සම්බන්ධව පිළිතුරු දීමේ වාරයයි.රාජ්‍ය නීතිය මින් ඉදිරියටවත් රටේ වැදගත් පුද්ගලයන් දඩයම් කිරීමට යොදා නොගැනීම පිණිස ආදර්ශයක් ලබාදීමට මෙම තැනැත්තන් උදෙසා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මෙයට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන නීතිඥවරු සඳහන් කරති.

Leave a reply: