ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

පක්ෂය තුළින්ම සජිත් ට විරෝධය

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා රෝගයට ඖෂධ නියම කරමින් මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයට ඔහුගේ සමගි බලවේගයේ ප්‍රබලයන් වෙතින්ද විරෝධය පල වී තිබේ .

රංජිත් මද්දුම බණ්ඩාර ,ලක්ෂ්මන් කිරිඇල්ල ,චම්පික රණවක ආදිහු සජිත් ගේ මෙම ප්‍රකාශයෙන් පක්ෂයට හානියක් සිදු වූ බව ඔහුට පෙන්වා දී ඇත .තමන් නොදන්නා විෂයක් ගැන මෙලෙස ප්‍රකාශ නිකුත් කරන්නට යාමෙන් ඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂයට විශාල පාඩුවක් සිදු වූ බව ඔවුහු ප්‍රකාශ කර තිබේ .එම නිසා මින් ඉදිරියට නොදන්නා විෂයන් ගැන කතා නොකළ යුතු බවට පක්ෂ ප්‍රබලයන් සජිත් ට අවවාද කළ බව ද සදහන් ය.

සජිත් ප්‍රේමදාස මෙසේ රෝගය ට වැරදි බෙහෙත් නියම කරමින් කළ මාධ්‍ය ප්‍රකාශය ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු විද්වතුන්ගේ ද දැඩි විරෝධය ට ලක්ව ඇති අතර එම විරෝධය දක්වමින් ඔවුන් ප්‍රකාශ නිකුත් කර ඇත .

අනතුරුව සජිත් ප්‍රේමදාස තමන් විසින් කළ ප්‍රකාශය ගැන කනගාටු වන බවට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ .

Leave a reply: