ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

පක්ෂ නායකයෝ සජිත් ගේ නිවසටම ගොස් දෙහි කපති.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිවරණ වේදිකාවලදී හිතුණ හිතුණ කතා කීමෙන් පක්ෂය විහිලුවට ලක්ව ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නායකයන් සජිත් ගේ නිවසටම ගොස් පෙන්වා දී තිබේ .

රන්ජිත් මද්දුම බණ්ඩාර ,කබීර් හෂීම්,තිස්ස අත්තනායක ,චම්පික රණවක මෙම ජ්‍යෙෂ්ඨ සාමාජික පිරිසට ඇතුළත් වූහ .ඔවුන් සජිත්ට කියා ඇත්තේ මෙම මැතිවරණය විපක්ෂය ට ජයගත නොහැකි බවට මතයක් රට පුරා පැතිර පවතිද්දී තිබෙන ජන්ද බැංකුව ද අහිමි කර ගන්නා ප්‍රකාශ නොකරන ලෙසය.සිය බිරිඳ පක්ෂ දේශපාලන කටයුතු වලින් ඉවත් කර තබන හැටියට ද අවවාද කර ඇත .

මෙම අවවාද සියල්ල නිහඬව අසා සිටි සජිත් කියා තිබුණේ තමන් පක්ෂ නායකත්වය ට ගෙන ආවේ ඔබලා නිසා එසේනම් ඔබලා පක්ෂය ජයග්‍රහණය කර පෙන්වන්නයැයි කියාය .ඔහුගේ එම කතාවටද පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විරෝධය දක්වා තිබේ .ඒ අතරතුර සරත් ෆොන්සේකා ඇතුළු කිහිප දෙනෙක් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වන බවද සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග කියයි .

Leave a reply: