ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

පරදින මහ මැතිවරණයෙන් කර ඇරීමට සජිත් කොන්දේසි පනවයි

ලබන අප්‍රේල් මස අවසානයේ පැවැත්වෙන මහ මැතිවරණයෙන් නියත පරාජය ලබන පක්ෂයේ අගමැති ධූර අපේක්ෂකයා වීමෙන් වැළකීමට එ.ජා .ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අලුත් කොන්දේසියක් පනවා ඇත .ඒ ඔහු අගමැති අපේක්ෂකත්වය බාර ගැනීමට නම් එ.ජා .ප පක්ෂ නායකත්වය තමන්ට ලැබිය යුතුයි යන කොන්දේසියයි. එහෙත් එ .ජා .ප නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ගේ කොන්දේසිය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ .

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගත් ,වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ජනාධිපතිවරණ ජයග්‍රහණය කොට රාජ්‍ය නායකත්වයට පත් වූයේ කිසිදු පක්ෂ නායක තනතුරක් හෝ වෙනත් කිසිදු දේශපාලන තනතුරක් නොදරමිනි.එබැවින් සජිත් ප්‍රේමදාස ගේ යෝජනාව පදනම් විරහිත එකක් බව රනිල් කියා ඇත .ස්ථිරවම මහ මැතිවරණය පරදින නිසා දෙවන වරටත් අන්ත පරාජයක් ලැබීමේ අවදානම ගැනීමට අකමැති සජිත් තම කොන්දේසියේම එල්ලී ජන්දයෙන් කර ඇරීමට මේ වන විට සියල්ල සූදානම් කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග කියයි .

Leave a reply: