පරිසරය වනසන්නේ ගෝඨාභයද ?

නිදහසින් පසු ඉතිහාසයේ රටේ පරිසරය අලංකාර කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියා කළ ප්‍රථම රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂය .ඔහු ආරක්ෂක ලේකම් කාලයේ කොළඹ ලොව ලස්සනම අගනගරය බවට පත් කොට සම්මාන ලැබීය. කොළඹ දියත උයන, ආර්කේඩ් උද්‍යානය, තුරඟ තරග පිටිය, පැරණි ඕලන්ද රෝහල ,නුවරඑළිය හා දියතලාව නගර අද පවත්නා තත්ත්වයට ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂය. දැන් ගාලු මුවදොර ද අලංකාර කෙරෙමින් පවතින අතර ටාජ් සමුද්‍රා හෝටලය පසුපස අලංකාර නාගරික උද්‍යානයක් ද ඉදි කළේය .

කොළඹ අවට ජලාශ 25ක් පමණ ආශ්‍රිතව ඇවිදින මංතීරු ඉදිකර එම නගරවල හැඩය හා පැහැය වෙනස් කළේ ගෝඨාභය රාජපක්ෂ විසිනි .දැනටත් තවත් නගර රැසක් අලුතෙන් නිර්මාණය කෙරෙමින් පවතී.

එසේ තිබියදී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ සැලසුම් සහගත ලෙස පරිසරයට හානි කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සමහරුන් ප්‍රචාරයක් ගෙන යමින් තිබේ. මෙම පුවත්වලින් බහුතරයක් ව්‍යාජ මවන ලද පුවත් බව රාජ්‍ය බුද්ධි අංශය පවා වාර්තා කර ඇත .

මුතුරාජවෙල අවට පුද්ගලික ආයෝජකයකු ඉඩම් මිලට ගෙන හෝටලයක් ඉදි කිරීම, ජල ජලගැලුම් නිම්නය, පුත්තලම නොරොච්චෝල අවට කලාපය ඇතුළු ප්‍රදේශ ගණනාවක් ගැන කෙරෙන ප්‍රචාර මෙන්ම සිංහරාජය අවට ඇති පුද්ගලික ඉඩම් වල කෙරෙන ආයෝජනද ගෝඨාභය රාජපක්ෂගේ ගිණුමට බැර කරන්නට සමහරු තැත් කරති .මෙයින් පුත්තලම හා ජල ගැලුම් නිම්න සම්බන්ධව දැනටමත් නීතිය ක්‍රියාත්මක කර ඇති අතර මුතුරාජවෙල සිද්ධියට ද නඩු පවරා තිබේ.

Leave a reply: