පසුගිය රජයේ ඇමතිවරුන් තිදෙනකු ගැන පරීක්ෂණ ඇරඹේ

යහපාලන ආණ්ඩුවේ ඇමති ධුර දැරූ රිෂාඩ් බදුර්දින්, රාජිත සේනාරත්න සහ චම්පික රණවක යන අමාත්‍යවරුන් ගේ ගනුදෙනු පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කළේය. මෙම පරීක්ෂණය ආරම්භ කෙරෙන්නේ අදාළ අමාත්‍යවරුන් තිදෙනා සම්බන්ධයෙන් රජයට ලැබුණු පැමිණිලි රාශියක් විමර්ශනය කිරීමෙන් අනතුරුවය. ඔවුන් තිදෙනාටම එරෙහිව ලැබී තිබෙන පැමිණිලි ඉතාමත් බරපතළ බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයින් රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහිව ලැබී ඇති ප්‍රධානතම පැමිණිල්ල වන්නේ අයථා ලෙස දේපල සහ වත්කම් උපයා ගැනීම කල් ඉකුත් වූ ඖෂධ මෙරටට ආනයනය කොට රෝගීන් අනතුරේ හෙලීම ඇතුළු බරපතළ චෝදනා ගණනකි.

චම්පික රණවක අමාත්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි අතර විද්‍යා අමරපාල නැමැත්තෙකු ලවා අයථා ලෙස වත්කම් සහ දේ පල උපයා ගැනීම කොළඹ වෝටර්ස් ඒජ් හෝටලය අයථා දේශපාලන කටයුතු සඳහා නීති විරෝධී ලෙස පාවිච්චි කිරීම. එහි ඉදි කිරීම් සඳහා ටෙන්ඩර් සහ කොන්ත්‍රාත්තු ප්‍රදානයේදී සිදුකරන ලද දූෂණ මෙන්ම තවත් අපරාධමය වැරදි තුනක් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල කර ඇත. බලහත්කාරයෙන් තමන්ගේ හිස ට කරන්ට් ඇල්ලීම සම්බන්ධව තිලකසිරි නැමැත්තෙකු විසින් කරන ලද චෝදනාව ඉතාමත් බරපතළ බැව් කියැවේ. මේ ඇතැම් පැමිණිලි ගොනු කොට ඇත්තේ ප්‍රධාන පෙලේ පුවත්පත් සමාගමක ප්‍රධානියකු විසින් බවද දැනගන්නට ඇත.

රිෂාඩ් බදුර්දින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව නැගී ඇති චෝදනාව වන්නේ සහරාන් සමග සම්බන්ධ වී කතෝලික ජනතාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් සහගතව ක්‍රියා කිරීම අයථා ලෙස අක්කර දහස් ගණනක ඉඩම් ද රුපියල් කෝටි ගණනක් සහිත බැංකු ගිනුම් රාශියක් පවත්වාගෙන යාම යයිද දැන ගන්නට තිබේ.

මෙම තිදෙනාට අදාළ චෝදනා සම්බන්ධව දැනටමත් රාජ්‍ය බුද්ධි අංශය විමර්ශනයක් ආරම්භ කොට සාක්ෂිකරුවන් පනහකට වැඩි ගනනකගෙන් ප්‍රශ්නකොට තොරතුරු ලබා ගෙන තිබේ. හැකි ඉක්මනින් එම කරුණු නීතිපතිවරයාට ඉදිරිපත් කොට අධිකරණයට වාර්තා කිරීමට නියමිතය.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page