පසුගිය රජයේ දූෂණ කමිටුව ගැන ගෝඨාට මහින්දට පැමිණිලි

පසුගිය රජය විසින් නිල නොවන මට්ටමින් පවත්වා ගෙන ගිය දූෂණ වංචා සෙවීමේ දේශපාලන කමිටුව ගැන පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිලි කර තිබේ .ඊට නායකත්වය දුන් රාජිත සේනාරත්න ,චම්පික රණවක ,අනුර දිසානායක යන මැති ඇමැතිවරුන්ද ප්‍රබල N.G.O කරුවෙකු වන ජේ .සී වැලිඅමුණ නැමැති නීතිඥයාද නීතිපති දෙපාර්තමේන්තුවේ උග්‍ර බොදු විරෝධියකු වන තුසිත මුදලිගේ නැමැත්තාද නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින සර්වෝදයේ ඒ.ටී ආරියරත්න ගේ බෑණා වන දිලීප පීරිස් නැමැත්තා ගැනද මෙම පැමිණිල්ලේ සවිස්තර තොරතුරු ඇතුළත්ය .

මොවුන් විසින් පසුගිය කාලයේ බොරු නඩු පටලවා සිරගත කරන ලද තැනැත්තන් ගේ නාම ලේඛනයක්ද මේ සමග ජනාධිපතිට හා අගමැතිට බාර දී ඇත .

එම නාමලේඛනය අනුව සිරගත කරන ලද අය මෙසේය .

උඩුවේ ධම්මාලෝක හිමි,බැසිල් රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ,යෝෂිත රාජපක්ෂ ,ලලිත් වීරතුංග,ගාමිණී සෙනරත් ,අනුර සේනානායක ,අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න,ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ,ජෙනරාල් කේ.බී එගොඩවෙල,උදය ගම්මන්පිල ,විමල් වීරවංශ ,මහින්දානන්ද අලුත්ගමගේ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,චන්ද්‍රා සේනානායක ,නිල්මින් නානායක්කාර
මීට අමතරව රණවිරුවන් 50කගේ පමණ ලැයිස්තුවක්ද මීට ඇතුළත් කර තිබේ .

Leave a reply: