පළමු ජන්ද පොරොන්දුව ඉටු වෙයි

පසුගිය මහ මැතිවරණයේදීත් ,ජනාධිපතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටට ලබා දුන් පළමු ජන්ද පොරොන්දුව ඉටු කිරීමට අදාළ නියෝග ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සතියේ නිකුත් කළේය .

රටට අහිතකර වූ වගන්ති රාශියකින් යුක්ත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කිරීම එම ජන්ද පොරොන්දුවයි.හැකි ඉක්මනින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කොට රටට වඩාත් සුදුසු නව ව්‍යවස්ථා යෝජනා ගෙන ඒමට මේ සතියේ විශේෂඥ කමිටුවක් රජය විසින් ස්ථාපිත කළේය .

අභිනව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි එහි ප්‍රධානියාය.ජනාධිපති නීතිඥ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ,ජනාධිපති නීතිඥ මනෝහාරද සිල්වා ,ජ්‍යෙෂ්ඨ නීතිඥ හා අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරු එහි සාමාජිකයන් වන බව දැනගන්නට තිබේ .

රටට දැයට අහිතකර අණපනත් ,වගන්ති සහ විධිවිධාන රැසකින් සමන්විත රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයුමක් වන 19 වැනි සංශෝධනය මගින් ස්ථාපිත ස්වාධීන කොමිෂන් සභායැයි කියන ආයතන ගණනාවක් අහෝසි වන අතර තවත් කොමිෂන් සභා ගණනාවක බලතල සෑහෙන පමණ අඩු කෙරේ .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ (රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයන් පත් කරන )සංයුතිය ද වෙනස් කෙරේ .

Leave a reply: