පළමු නිරෝධායන කණ්ඩායම මේ සතියේ නිවෙස්වලට

කොරෝනා රෝගය පැතිරී ගිය විදේශ රටවලින් පැමිණි අය හා ඔවුන් ඇසුරු කළ පිරිස අතරින් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි 350 ක පිරිසකට 25 දා තම නිවෙස්වලට යාමට අවසර ලබා දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි .මොවුන් නිරෝධායනය ආරම්භ කළේ කොවිඩ් අනතුර සම්බන්ධයෙන් නිරෝධායන මධ්‍යස්ථාන පටන් ගත් පසුගිය 11 දා බවද වාර්තා වේ .මෙම පිරිස දින 14 ක නිරෝධායන කාලය සාර්ථකත්ව හමාර කර තිබේ .
ඒ අනුව ඔවුන්ට කොරෝනා රෝගය ආසාදනය වී නොමැති බවට වෛද්‍යවරුන් විසින් සහතික කර ඇත .එම සහතිකය රැගෙන ඔවුන්ට නිවෙස් කරා ගොස් සිය සාමාන්‍ය ජීවිතය ආරම්භ කළ හැකිය.කොරෝනා ආසාදිත වූ පළමුවැන්නා වූ සංචාරක මග පෙන්වන්නෙකු වූ ජයන්ත රණසිංහ මහතා දැනටමත් රෝගයෙන් සුවය ලබා මත්තේගොඩ සිය නිවසට ගොස් සිටී.එහෙත් අද වන විට මෙරට කොරෝනා ආසාදිතයින් ගේ ගණන 97 ක් දක්වා ඉහළ ගොස් තිබේ .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page