පළාත් සභා බලය වැඩි කරන්න ඉන්දියාවට මැදිහත් වන්නයැයි දෙමළ සන්ධානය කියයි.

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමා ඉක්මනින් පැවැත්වීම සඳහා ඉන්දියාව මැදිහත් විය යුතු යැයි දෙමළ සන්ධානය ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත .එසේම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට මෙතෙක් නොලැබුණු බලතල ලබා ගැනීමට ද ඉන්දීය රජය ශ්‍රී ලංකාව ට බලපෑම් කළ යුතු යැයි කියා තිබේ .

පසුගිය දා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ පැවති විශේෂ හමුවකදී දෙමළ සන්ධාන සාමාජිකයන් ඉන්දීය විදේශ ඇමැතිගෙන් මෙම ඉල්ලීම කළහ.උතුරේ සංවර්ධන කටයුතු සඳහා රජය ප්‍රමාණවත් මුදලක් වෙන් නොකරන නිසා ඉන්දීය ආධාර උතුරට ලබා දෙන්න යැයි මෙහිදී වැඩිදුරටත් ඉල්ලා තිබේ .

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කළේ ආර්.සම්පන්දන් ,එම්.ඒ සුමන්තිරන් ප්‍රමුඛ දෙමළ සන්ධාන ජ්‍යෙෂ්ඨයන් පිරිසකි.එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඔවුනට උපදෙස් දෙමින් සඳහන් කළේ උතුරේ දෙමළ පක්ෂ තවදුරටත් නොබෙදී ඒකාබද්ධව ජනතාව ට සේවය කළ යුතු බවයි.

Leave a reply: