පාර්ලිමේන්තුව අවදානමේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මැති ඇමැතින් හතර දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ මන්ත්‍රීවරුන් 35 දෙනෙක් පමණ නිරෝධායනය ට ලක් කර තිබේ .එසේම හෙට සිට සියලුම මන්ත්‍රීන් පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමු කිරීමට ද කතානායකවරයා තීන්දු කර ඇත .

මේ වන විට දයාසිරි ජයසේකර ,වාසුදේව නානායක්කාර ,විමලවීර දිසානායක හා රවුෆ් හකීම් යන මහත්වරුන් ට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා විය.මේ අයගෙන් වාසුදේව නානායක්කාර මහතා පසුගිය සතිය පුරාම පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගි වී ඇත .

සී.සී.ටී.වී උපයෝගී කරගෙන මේ අයගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම මේ වන විටත් ආරම්භ කර තිබේ .පාර්ලිමේන්තුවේ 1000 ක් පමණ වන කාර්‍ය මණ්ඩලය මෙන්ම එහි ආරක්ෂකයන් ද ආසාදිතයින් අතර වේදැයි සෞඛ්‍ය අංශ පරීක්ෂා කරමින් සිටියි.

පවත්නා තත්ත්වය නිසා පක්ෂ නායකයන් අතර හමුවත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැති සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a reply: