පාර්ලිමේන්තු ආරක්ෂාව හමුදාව ට බාර දී නැහැ

පරීක්ෂාවට ආ එ.ජා.ප මන්ත්‍රීහු ආපසු හැරී යති
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව හමුදාව ට පවරා දී ඇතැයි ද එය ප්‍රජාතන්ත්‍රවාදය ට තර්ජනයක්යැයි ද විපක්ෂයේ ඇතැමුන් සාවද්‍ය ප්‍රචාරය ක් ගෙන යමින් තිබෙන බව රජය ප්‍රකාශ කරයි .

ඒ ගැන විදේශ තානාපති කාර්‍යාලවල ට පැමිණිලි කරමින් රජය ව්‍යවස්ථාව කඩ කරන බවට ද විපක්ෂය චෝදනා නගමින් සිටී.

පදනම් විරහිත මෙම ප්‍රකාශයේ සැබෑ තත්ත්වය මෙයයි.

ඉදිරි සතියේ අගනුවර අවට ඇදිරි නීතිය තිබියදී සීමිත වානිජ කටයුතු වලට අවසර දීමට පොලිස් ආරක්ෂාව වැඩි කිරීම අවශ්‍ය විය.ඒ නිසා පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ සිටි පොලිස් භටයන් 400කගෙන් 100 ක් පමණ ඉවත් කර ගන්න ට පොලිස්පතිවරයාට සිදු විය.

ඒ වෙනුවට අවශ්‍ය වුවහොත් තාවකාලික පදනමින් හමුදා සෙබළුන් යෙදවීම ගැන සාකච්ඡාවක් පවත්වා තිබේ .දැනට සිටින පොලිස් භටයන් සමග එම හමුදා සෙබළුන් ද යොදවන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ නොව පාර්ලිමේන්තු පිවිසුම් ගේට්ටු සහ භූමියේ ආරක්ෂාව සදහා ය.ඒ අනුව දැනට සුළු සෙබළුන් සංඛ්‍යාවක් පොලිස් පුරප්පාඩු වලට යොදවා ඇත .

එසේ තිබියදී පාර්ලිමේන්තු ආරක්ෂාව හමුදාව ට බාර දී ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනය ට ලක් කර ඇති බව ට විපක්ෂය ගෙන යන ප්‍රචාරය පදනම් විරහිත අසත්‍ය පුවතකි.

මෙහි සත්‍ය අසත්‍ය බව දැනගන්නට ඊයේ දිනයේ එ.ජා .ප මන්ත්‍රීන් වන හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තු පරිශ්‍රය ට ගොස් ඇත්තේ එහි බැංකුව ට යාමට අවශ්‍ය බව කියමිනි.ඔවුන්ට ද පවත්නා සැබෑ තත්ත්වය දැනගන්නට ලැබීමෙන් පසු කිසිවක් නොකියා නිහඬවම ආපසු හැරී ගොස් තිබේ .

Leave a reply: