පාස්කුවේ මහ මොළකරුවන් දන්නා සජිත් පිලේ ලොක්කා සී.අයි.ඩි.යට.

මේ වසරේ විශිෂ්ටතම හෙළිදරව්ව සජිත් පිලේ මන්ත්‍රී අශෝක අබේසිංහ විසින් ඊයේ සිදු කරන ලදී. ඔහුට අනුව පාස්කු ප්‍රහාරය සිදු කොට කතෝලික ජනතාව විපතට පත් කළේ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ හා නිශ්ශංක සේනාධිපතිගේ එකතුවෙනි .

එහෙත් පුදුමයට කාරණය වන්නේ ඔවුන්ගේ ආණ්ඩුව කාලයේ සිදු වූ මෙම ප්‍රහාරය ගැන සොයන්නට පත් පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අශෝක් අබේසිංහ මෙම රහස හෙළිදරව් නොකිරීමය. ඔහුට ඤාණය පහළ වී ඇත්තේ ප්‍රමාද ව ය.

ඔවුන්ගේ ආණ්ඩුව කාලයේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දැමූ නඩු තිස් හයක් විය .ඔහු එකල දිනපතාම උසාවි ගියේය. පාස්කු ප්‍රහාරය කාලයේ බැසිල් ද නඩු වලට මුහුණ දෙමින් සිටියේය. සේනාධිපති හිටියේ හිරේය. ඒ කෙසේ නමුත් අබේසිංහ මන්ත්‍රීවරයා කියන හැටියට මේ වැඩේ කර තිබෙන්නේ ඔය තිදෙනා එක්වය. ඒ බව අබේසිංහ හොඳින්ම දනී .

එසේනම් දැන් රහස් පොලිසියටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අබේසිංහ නමැත්තාගෙන් මේ ගැන ප්‍රශ්න කළ හැක .ඊට අවශ්‍ය නියෝග දැනටමත් ලැබී ඇතැයි වාර්තා වෙයි. පොලිස් පරීක්ෂණ වලින් පසුව මෙය අධිකරණය ඉදිරියට ගෙන යා යුතුය .

වසර 30ක කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් ගෝඨාභය රාජපක්ෂ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කළ බවට කෙරෙන වාචාල කතා මෙරට කුඩා දරුවන් වත් පිළිනොගන්නා කරුණකි. එහෙත් කුරුණෑගල අබේසිංහ මේ ප්‍රහාරය ගෝඨාභයලා සැලසුම් කළ හැටි දකින්නට ඇත .
ඒ ගැන ඔහුගෙන් ඇසිය යුතුය.

සජිත් පිලේ මෙලෙස කටට එන එන දේ කතා කළ රන්ජන් රාමනායක නැමැත්තා දැන් ඔහු සිටිය යුතු තැන ගාල්කර තිබේ. ඊලඟට හරීන් ප්‍රනාන්දුට දැන් ඒ මාවත විවෘත වී ඇත. ඊළඟට අශෝක අබේසිංහ ද බොරු වීරයෙක් වන්නට ගොස් අමාරුවේ වැටුණු පසු සජිත් ප්‍රේමදාස ඒ ගැන ප්‍රකාශයක් කර නිහඬ වනු ඇත .මන්ද සජිත්ට ද දූෂණ චෝදනා මත නඩු පැවරීමට නියමිත හෙයිනි.

Leave a reply: