පාස්කු කොමිසම සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ කලේ කවුද ?

පාස්කු ප්‍රහාර කොමිෂන් සභා වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි කුමන්ත්‍රණයක් යැයි එම පක්ෂයේම සමහර ජ්‍යෙෂ්ඨයන් කියන්නට පටන් ගෙන තිබේ. පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ද ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස ද මෙයට සමාන කතා කියා තිබේ .

මොවුන්ගේ ප්‍රකාශ වලින් ගම්‍ය වන්නේ වත්මන් රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහි නායක මෛත්‍රීපාල මහතාටත් එරෙහිව පාස්කු කොමිසම හරහා කුමන්ත්‍රණයක් සිදු කළ බවය .මේ පුදුම සහගත චෝදනාවකි .මෙම කොමිසම පත් කළේත් ඊට කොමසාරිස්වරුන් තෝරා ගත්තේත් හිටපු ජනාධිපති මෛත්‍රීමය .ඔහු පත් කළ ඔහුගේම කොමිසම ඔහුට අපරාධ චෝදනා නගා තිබේ නම් ඊට ගෝඨාභය හෝ මහින්ද රාජපක්ෂ මහත්වරුන් වග කියන්නේ කෙසේද යන්න මෛත්‍රීලා ම රටට කිව යුතුය .සමහරුන් කියන්නේ මෙහි මහ මොළ කරුවෙක්ද සිටින බවයි. අප දන්නා පරිදි මෛත්‍රී පත් කළ මෙම කොමිසමේ මහ මොළකරුවන් වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා සහ ඔහුගේ ජනාධිපති ලේකම් වූ උදය සෙනෙවිරත්නය. ඒ දෙදෙනා තෝරාගත් කොමසාරිස්වරු කොමිසමේ සේවය කළහ. අවසානයේ මෛත්‍රීට ම දඬුවම් ද නියම කළහ. තමන් විසින්ම කරගත් ඒ විපතට රාජපක්ෂවරුන් වග කියන්නේ කෙසේද යන්න නො විසඳුණු ප්‍රශ්නයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Leave a reply: