පාස්කු ප්‍රහාරය ගැන නීතිපතිගෙන් 32 කට අධිචෝදනා

වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ සාක්ෂි විභාග කළ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මෙම මස 31 වැනිදා වන විට ජනාධිපතිවරයා ට බාරදීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි .මේ දිනවල එහි අවසන් කෙටුම්පත කොමසාරිස්වරුන් විසින් සකස් කරමින් සිටී.

එම කටයුතු සිදුවන අතර නීතිපති දෙපාර්තමේන්තුව හා පොලීසිය එක්ව කරන ලද පරීක්ෂණ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 32 දෙදෙනකු ට එරෙහිව අධි චෝදනා මත මහාධිකරණයේ නඩු පැවරීමට සැලසුම් කර තිබේ .එම කටයුතු පාස්කු කොමිෂන් වාර්තාව ලැබීමෙන් පසු සිදු කෙරෙනු ඇතැයි ද කියවේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් 268 දෙනෙකු මිය ගොස් තවත් 500 ක් පමණ තුවාල ලදහ.ඉන්පසු මේ ගැන විමර්ශනය ට කොමිසමක් පත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා මහතා එහි සභාපතිත්වය දරයි.

Leave a reply: