ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

පැය දෙකෙන් කතරගම යා හැකි දක්ෂිණ අධිවේගයේ ඉතිරි කොටස ලබන ඉරිදා විවෘත කෙරේ .

The 126km long Southern Expressway which is Sri Lanka's first E class highway expects to cut down the typical 5hr travel time between Colombo to Matara by 50%.

මෙතෙක් කොට්ටාවේ සිට මාතර දක්වා පමණක් ඉදිකර තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර ලබන ඉරිදා එනම් 23 වැනි දා වැනිදා ජනපති-සහ අගමැති අතින් මාතර දී විවෘත වෙයි .

මාතර සිට බරවකුඹුක දක්වා වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර පිවිසුම් දොරටු හතරකින් සමන්විත ය .කිලෝමීටර් 58 ක් දිගැති මෙම කොටස මාතර සිට බරවකුඹුක දක්වා දක්වා වැටී ඇත. මෙහි ගමන් කිරීම සඳහා අය කරන ගාස්තු වන්නේ කොළඹ සිට බරවකුඹුක දක්වා සැහැල්ලු වාහනයකට ගාස්තුවක් රුපියල් හත්සියකි. මාතර සිට බරවකුඹුක දක්වා සැහැල්ලු වාහනයකට අය කරන ගාස්තුව රුපියල් තුන්සියයකි.

මෙම මාර්ගය විවෘත කිරීමෙන් පසු කොළඹ සිට මාතර දක්වා පැය කුත් මිනිත්තු 20 කින් ද මාතර සිට බරවකුඹුක දක්වා මිනිත්තු 30 කින්ද ගමන් කිරීමට අවකාශ සැලසෙයි .මාර්ග සංවර්ධන අධිකාරියේ ධාවන විශේෂඥයන් ප්‍රකාශ කරන ආකාරයට මෙම මාර්ගය ඔස්සේ කතරගම පූජා භූමිය වෙත ලඟාවීමට ගතවන සම්පූර්ණ කාලය පැය දෙකකුත් මිනිත්තු 15 කි.

මෙරට මාර්ග සංවර්ධනය ඉතිහාසයේ ඉතිහාසයේ විප්ලවීය සංධිස්ථානයක් වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටස සම්පූර්ණ වීමත් සමඟම මාතර හක්මන බෙලිඅත්ත තංගල්ල අම්බලන්තොට හම්බන්තොට තිස්සමහාරාම ආදී ප්‍රදේශවලට කොළඹ සිට ඉතා පහසුවෙන් සුළු වේලාවකින් ගමන් කිරීමට අවකාශ සැලසීමෙන් ලක්ෂ සංඛ්‍යාත ජනකායකට විශාල සෙතක් සැලසෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි .

Leave a reply: