පිටරටවල සිරවී සිටින්නන් අගෝස්තු 8 දා සිට නැවතත් මෙරටට

කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවතත් මෙරටට ගෙන්වා ගැනීම අගෝස්තු 8 දා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති කාර්‍යාලය පවසයි .

පසුගිය කාලයේ විදේශවල සිරවී සිටි තැනැත්තන් රාශියක් ශ්‍රී ලන්කන් ගුවන් යානා යවා එම රටවලින් මෙරටට ගෙන්වා ගන්නා ලදී .එහෙත් කන්දකාඩු කොරෝනා සිද්ධියෙන් පසු සියල්ල හදිසියේම අත් හිටුවීය

එසේ වුවත් ඩුබායි රාජ්‍යයේ සිරවී සිටි පිරිසකගේ වීසා කාලය හමාර වීමත් ,වීසා නොමැතිව ඔවුන් එරට තුළ රැඳී සිටියහොත් විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසාත් සති අන්තයේ අද සහ හෙට (30 සහ 31) වැනි දින ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි 500 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් මගින් මෙරටට ගෙන්වා ගනු ලැබේ.

ලබන 8 වැනිදා සිට ඩුබායි ,ජෝර්දාන් ,ලෙබනන් ,බංග්ලාදේශය ,මැලේසියාව ,සිංගප්පූරුව ,ඉන්දුනීසියාව සහ මාලදිවයින ආදී රටවල රැඳී සිටින විදෙස් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම ඇරඹේ .මේ වන විට විදේශ රටවල් 74 කින් පමණ කොරෝනා නිසා සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගනු ලැබුණි.

Leave a reply: