පී .සී.ආර් පරීක්ෂණ ගණන 20,000 දක්වා ඉහළට

කොළඹ නගරය ආශ්‍රිතව තිබෙන කොවිඩ් තත්ත්වය දැඩි අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වෙයි .මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමය කියන්නේ පාලනය ගිලිහී යමින් තිබෙන බවයි.දෛනික මරණ සංඛ්‍යාව ඉහළ යාම ,දිනපතා නව රෝගීන් 500 ක් පමණ හඳුනා ගැනීම හා ඉන් බහුතරය කොළඹින් වීම බෙහෙවින් ගැටලු සහගත වී තිබේ .

එම නිසා ජනාධිපති උපදෙසින් දැනට දිනපතා කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ 14,000 දහස 20,000 දක්වා ඉහළ දැමෙයි .සඳුදා (අද) උදෑසන වන විට මේ රට තුළ සමස්ත පී.සී.ආර් පරීක්ෂණ 15,000 ක් පමණ සිදුකර තිබුණි .ඒ සමඟ දැනට ආරම්භක අවධියේ සිදු කරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ දෙදහසක් පමණ ද දිනකට සිදු කෙරෙයි.ඇතැම් පුද්ගලයන් සිතා මතා මෙම පරීක්ෂණ මඟ හැරීම තවත් බරපතළ ප්‍රායෝගික ගැටලුවක් බවට පත්ව ඇත .

Leave a reply: