පොහොට්ටු මන්ත්‍රීන් ට මහ ලේකම්ගෙන් අවවාදයක්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ වෙනත් රාජ්‍ය ප්‍රතිපත්තිමය කාරණා ගැන හිතුමතයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින්නයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පොහොට්ටුවේ මන්ත්‍රීන් ට ලිඛිතව දැනුම් දී තිබේ .

රජයේ ප්‍රතිපත්තිමය තීන්දු ගැන පොහොට්ටුවේ මන්ත්‍රීන් ට ගැටලු තිබේනම් ඒවා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ හැකි බව ද මහ ලේකම්වරයා ගේ ලිපියේ සඳහන් ය.පසුගිය දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ ත් ඉන් බාහිරව ඇතැම් සංවේදී කරුණු ගණනාවක් සාකච්ඡා වූ අවස්ථාවලත් පොහොට්ටුවේ සාමාජිකත්වය දරන මන්ත්‍රීන් තම තමන්ගේ පුද්ගලික මතවාද ප්‍රකාශ කරන්නට යාමෙන් අවුලක් හට ගැනුණි .එම නිසා පක්ෂ මහ ලේකම්වරයා මෙකී ලිපිය මගින් අවධාරණය කළේ පක්ෂ ප්‍රතිපත්තියට පටහැනිව ප්‍රකාශ නිකුත් කිරීම විනය උල්ලංඝනය ක් බවය.පොහොට්ටු මහ ලේකම්වරයා ගේ මෙම ලිපිය යොමු කර ඇත්තේ පොහොට්ටුවේ සෘජුවම සාමාජිකත්වය දරන මන්ත්‍රීන් ට පමණි .පොහොට්ටු සන්ධානයේ හවුල්කාර පක්ෂ මන්ත්‍රීන් ට මෙම ලිපිය නිකුත් කර නැත .

Leave a reply: