ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

පොළොන්නරුවේ හාල් මාෆියාවට රජයෙන් කනේ පහරක්

පොලොන්නරුවේ සහල් මෝල් හිමියන් හතර දෙනෙක් විසින් මෙරටට කෝටි 2කකට අධික පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගනිමින් ගෙන යන සහල් මාෆියාවට විකල්පයක් ලෙස වී අලෙවි මණ්ඩලය යටතේ රජරට ප්‍රදේශයේ දැවැන්ත සහල් මෝල් සංකීර්ණයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට මේ ගැන උපදෙස් දී ඇති වෙළෙඳ පොළ විද්වතුන් කියා ඇත්තේ සහල් වෙළෙඳ පොළ තරගකාරීත්වය ට පත් කිරීම පිණිස රජය වහා මැදිහත් විය යුතු බවයි.

එම නිසා චීනය හා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර විදේශ ආධාර ඇතුව දැවැන්ත වී මෝල් සංකීර්ණයක් ඉදි කිරීමට ත්,ආරක්ෂක අංශවල සහයෝගයෙන් දිසාපතිරුන් ලවා සහතික මිලට වී මිලදී ගැනීමට ත් සැලසුම් කරමින් පවතී.හැම විටම රටේ මාස තුනකට ප්‍රමාණවත් සහල් තොග ගබඩා කර තබා ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.සාධාරණ ලාභයක් ඇතුව ජනතාව ට අඩු මිලට සහල් සැපයීම සදහා ගත හැකි හොඳම විකල්ප පියවර මෙය බව මේ ගැන ක්‍රියා කරන විද්වත් කමිටුවේ සාමාජිකයෙක් අප වෙත සදහන් කළේය .

Leave a reply: