බඩු මිල අඩු නොකරන වෙළෙන්දන් වැටලීමට විශේෂ කඩා පනින හමුදාවක්

රජය ඉතා විශාල බදු සහන ප්‍රමාණයක් ලබා දී තිබියදීත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් අඩු නොකර අලෙවි කරන කූට වෙළෙදුන් වැටලීමට විශේෂ පරීක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව වාර්තා වේ .මේ සදහා විශේෂ කැබිනට් තීරණයක් ගැනීමට නියමිතය .

පාලන මිල ඇති භාණ්ඩ හා සේවා මෙන්ම බදු සහන ලබා දී ඇති භාණ්ඩ හා සේවාවන් නිශ්චිත සහන මිලකට ජනතාවට සැපයීම උදෙසා මෙම පියවර ගනු ලැබේ .

පසුගිය දා රජය ක්‍රියාත්මක කළ බදු සහන පැකේජය නිසා මෙරට පුද්ගලික අංශය විවිධ ක්ශේත්‍ර හා ව්‍යාපාර සමාගම් රුපියල් කෝටි එකොළොස් දහසක පමණ ලාභයක් ලැබූ බව රජය ගණන් බලා තිබේ .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page