මහර බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙක් ප්‍රාණ ඇපයට ගෙන ඔවුන්ට බරපතළ ලෙස තුවාල සිදුකර පිටුපස ගේට්ටුවෙන් පැනයාමට රැඳවියන් උත්සාහ කළේ බාහිර සැලසුමකට අනුව ද යන්න ගැන විමර්ශනයක් අරඹා ඇත .මෙම කැරැල්ල ට දේශපාලන සම්බන්ධයක් තිබේ ද යන්නත් වෙනම විමසා බැලෙයි.
පොලීසිය ,රාජ්‍ය බුද්ධි අංශය සමඟ බන්ධනාගාර පරිපාලනය මෙම විමර්ශනය දියත් කර ඇත .මහර පමණක් නොව අගුණකොලපැලැස්ස,
බෝගම්බර හා වැලිකඩ ද කලින් මෙවැනි තත්ත්ව හටගෙන තිබුණි .මහර ඊයේ හටගත් සිද්ධියේදී ජීවිතාන්තය දක්වා සිරගතව සිටින්නන් කුස්සියේ සේවය කළ රිමාන්ඩ් සිරකරුවන් ට පහර දේපළ ගිනි තබා මහත් ව්‍යසනයක් කළෝය .එහිදී බන්ධනාගාර පාලකයන් වෙඩි තබා ඇත .එම ප්‍රහාරයෙන් සිරකරුවන් අට දෙනෙක් මරණය ට පත් වූහ .බන්ධනාගාර නිලධාරීන් රැසක්ද තුවාල ලැබූහ .දෙදෙනකු ගේ තත්ත්වය බරපතළ ය.
කොවිඩ් වසංගත ය මධ්‍යයේ බන්ධනාගාර කැරලි ඇති වීම පිටුපස දේශපාලන බලවේගයක් සිටීදැයි විමර්ශනය ට තීන්දු විය.