බස් එකේ පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරුන් තුන් දෙනෙක්

ඇතැම් ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් නිල වාහන පහ හය භාවිත කරද්දී තමන්ට ගමේ සිට පාර්ලිමේන්තුව ට පැමිණීමට වාහනයක් නැතිකමින් බස් රථ වලින් කොළඹ පාර්ලිමේන්තු රැස්වීමට පැමිණෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් තිදෙනෙකු සිටින බව වාර්තා වෙයි .

අනුරාධපුරයේ සරත් කුමාරසිරි ,මහනුවර ගුණතිලක රාජපක්ෂ සහ කෑගල්ලේ සුදත් මංජුල යන මන්ත්‍රීන් මෙලෙස බස් රථ වලින් පාර්ලිමේන්තු එන අය බව කියවෙයි .මේ තිදෙනාම පළමු වරට මැති සබයට තේරී පත් වූ අයයි.මෙයින් එක් මන්ත්‍රීවරයෙක් කොළඹ ට බසයෙන් පැමිණ ත්‍රීරෝද රථයකින් පාර්ලිමේන්තුව අසලට විත් හිතවතකුගේ වාහනයක් ගෙන්වා ගෙන පාර්ලිමේන්තුව ට යන්නේ ත්‍රීරෝද රථවල ට පාර්ලිමේන්තුව ට ඇතුළු වීමට අවසර නොදෙන බැවිනි .

මෙයින් ඇතැම් අයෙකු ට නිල නිවාස පවා මෙතෙක් හිමි වී නැතැයි වාර්තා වෙයි .දැන් මේ කරුණ අගමැති හා ජනාධිපතිවරයාගේද අවධානය ට යොමුව ඇත .දැනට රජයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වාහන පහකට වඩා භාවිත කරන අවස්ථා ඇති බව ට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා රැසක්ම පල වී තිබුණි .

Leave a reply: