බ්‍රැන්ඩික්ස් සමාගම ට කොරෝනා පැමිණීමේ සැබෑ කතාව.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලට කොරෝනා වසංගත ය රැගෙන පැමිණියේ ඉන්දියාවෙන් එහි මැෂින් නවීකරණය සඳහා ගෙන්වූ ඉංජිනේරුවන් දෙදෙනකු බව හෙළිදරව් වේ.

මෙම සමාගම ට බටහිර රටකින් ලැබුණු දැවැන්ත මුහුණු ආවරණ ඇණවුමක් කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා කම්හලේ යන්ත්‍රවල ඵලදායිතාව ය වැඩි කිරීමට මැෂින් නවීකරණය කළ යුතු වූ අතර ඒ සඳහා මෙයට මාස එක හමාරකට පෙර ඉන්දියාවෙන් ඉංජිනේරුවන් දෙදෙනකු කැඳවා ඇත .ඔවුන් දින 14 ක් නිරෝධායනය විය යුතු වුවත් දින 7 ක් හෝටලයක නිරෝධායනය වී මිනුවන්ගොඩ කම්හලට පැමිණ මැෂින් නවීකරණ කටයුතු කර තිබේ .

අප වෙබ් අඩවිය වෙත වාර්තා වෙන තොරතුරු අනුව මෙම ඉංජිනේරුවන් දෙදෙනාගෙන් මුලින්ම රෝගය බෝවී ඇත්තේ එම සමාගමේ විධායක හා කළමනාකරණ ශ්‍රේණිවල නිලධාරීන් ට ය.ඔවුන් එය කොරෝනා බව නොදැන සුලු සුලු බෙහෙත් වර්ග රැගෙන දිගටම සේවයේ යෙදී ඇත .මේ අයගෙන් කම්හලේ සේවිකාවන් ට කොරෝනා රෝගය බෝවී ඇති බව මිනුවන්ගොඩ කම්හලේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි .

මේ අයට රෝගී තත්ත්වය තිබියදී ම කටුනායක ප්‍රසිද්ධ හෝටලය ක සාදයක්ද පවත්වා ඇති අතර බ්‍රැන්ඩික්ස් කම්හල් ගණනාවක ප්‍රධානීන් එයට එක්වූහ .මෙම රෝගය ව්‍යාප්ත වීමේ සැබෑ තත්ත්වය එයයි.එහි මූලාරම්භය ඉන්දියාවෙන් පැමිණි ඉංජිනේරුවන් දෙදෙනා බව කම්හලේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

Leave a reply: