බාල බෙහෙත් මාෆියාවට වැට බදිමින් ජනපති ගෝඨාභයගෙන් විශේෂ තීන්දුවක්

බාල බෙහෙත් මෙරටට ගෙන්වා ලක්ෂ සංඛ්‍යාත රෝගී ජනතාවගේ ජීවිත අනතුරේ දැමූ හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න ගේ බෙහෙත් ජාවාරමට වැට බදිමින් ගුණාත්මක බෙහෙත් පමණක් මෙරටට ආනයනය කළ හැකි පරිදි නව නීතියක් හා ප්‍රතිපත්තියක් හදුන්වා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කළේය .

පසුගිය කාලයේ රාජිත සේනාරත්න ඇමැතිවරයා විසින් අතිවිශාල කොමිස් මුදලක් ලබාගෙන මෙරටට ආනයනය කළ පිළිකා ,වකුගඩු රෝග වලට භාවිත කරන බෙහෙත් වර්ග ,දියවැඩියාව ,අධිරුධිර පීඩනය ,කොලොස්ටරෝල් පාලනය වැනි රෝගාබාධ සදහා ආනයනය කළ බෙහෙත් වර්ග ආදියෙන් එකී ලෙඩ රෝග සුව නොවීම නිසා ලක්ෂ සංඛ්‍යාත රෝගීහු විපතට පත් වූහ .

ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් නව තීරණය අනුව ආනයනය කරන සියලුම බෙහෙත් වර්ග විදේශීය රසායනාගාරයක පූර්ව තත්ත්ව පරීක්ෂාවකට යොමු කරනු ලැබේ.ඒවා නිසි ප්‍රමිතියකින් යුක්තනම් පමණක් මෙරටට ආනයනය කිරීමට සැපයුම්කරුවන්ට අවසර දීම රජයේ ප්‍රතිපත්තිය බවට පත් කර ඇත .එසේම ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 22ක් සහන මිලට රෝගීන්ට සැපයීමටද ජනාධිපතිවරයා විෂය බාර ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබේ .

හිටපු ඇමැති රාජිත සේනාරත්න මෙන් බෙහෙත් මිල අඩු කළ බව ට අඩබෙර ගසා රෝගීන් විපතට පත් නොකර ප්‍රමිතිගත බෙහෙත් පමණක් සැපයීම සිදු කළ යුතු බවට ජනාධිපතිවරයා ඇමැතිනියට දැනුම් දී තිබේ .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page