බැදුම්කර චෝදනා ලත් රවි කරුණානායක සැගවේ

මහ බැංකු බැදුම්කර වංචාවට එරෙහිව පවරා තිබෙන නඩුවේදී රවි කරුණානායක අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමත් සමග රවි කරුණානායක සිය නිවසින් අතුරුදන්ව ඇතැයි ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබේ .

රහස් පොලීසියේ නිලධාරීන් රවි කරුණානායක අත් අඩංගුවට ගැනීම සදහා රජමල්වත්තේ පිහිටි ඔහුගේ නිවසට සෙනසුරාදා දහවල් පැමිණියහ .ඒ වන විට රවි කරුණානායක නිවසින් අතුරුදන්ව සිටි බව නිවැසියන් පොලිසියට දන්වා ඇත .රවි අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමත් සමග සජිත් ප්‍රේමදාස ඇතුළු බැදුම්කරයට හිතවත් එ.ජා .ප යේ හිටපු මැති ඇමැතිවරුන් පිරිසක් ඊයේ රාත්‍රි රවි කරුණානායක ගේ නිවසට ගොස් තිබේ .එහිදී කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසු රවි කරුණානායක නිවසින් පිටව ගොස් ඇතැයි රහස් පොලීසියට වාර්තා විය .දැනට ඔහු සැගවී සිටින ස්ථානය සොයා ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

ඒ අතර රවි කරුණානායක ගේ ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් භටයන් රහස් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරයා සිටින ස්ථානයක් දැන ගැනීමේ පරීක්ෂණය සදහා කට උත්තර ගැනීම පිණිසය .

බන්ධනාගාර ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට බන්ධනාගාරයේ රන්ජන් රාමනායක රදවා සිටින විශේෂ සිර මැදිරිය රවි කරුණානායක රදවා තබා ගැනීම සදහා සූදානම් කරමින් තිබෙන බව දැනගන්නට ඇත .

Leave a reply: