බැනර් තොරණ් කටවුට් නැති ගෝඨාභය පාලනය ට වසරයි

වෙනදා ජනාධිපති පදවි ප්‍රාප්තිය මහා ඝෝෂාවකි.කලබලයකි.
බැනර් ,තොරණ් ,කටවුට් වැහි වැහැලාය.එහෙත් එබඳු කෝලාහලයකින් තොරව ගෝඨාභය ජනාධිපතිවරයා ගේ පළමු පදවි ප්‍රාප්තිය නිස්කලංකව සැමරෙයි.සිදුවන්නේ ආගමික වතාවත් පමණ ය.ආණ්ඩුවේ මුදලින් රුපියල් 100 ක්වත් වැයවන්නේ නැත .

තමන් ආණ්ඩුවේ කෙටිකාලීන භාරකරුවා නිසා කිසිම ආණ්ඩුවේ කන්තෝරුවක සිය ජායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙස නියම කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පාලන කටයුතු ආරම්භ කළේය .යහපාලන ආණ්ඩුවේ තිබූ 47 ක කැබිනට්ටුව 27ට අඩු කළ ගෝඨාභය රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 70 සිට 40 ට අඩු කළේය .එය ඔහු ඇති කළ මූලික වෙනසයි.

ගෝඨාභය ජනාධිපතිවරයා ගේ පළමු වසර කොරෝනා මර්දනය ට කැපවීය.ලොව මහා රටවල් වල ලක්ෂ ගණන් මිය යද්දී මෙරට මරණ ගණන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකට සීමා කළේ ඔහුගේ මෙහෙයුම නිසාය .ඒ අතර සංවර්ධන කටයුතු ද නොඅඩුව සිදු කෙරුණි .වැරදිකරුවන් ට දඬුවම් දීමද ආරම්භ විය.රිෂාඩ් බදුර්දීන් ට අතේ වියදමින් විල්පත්තුව වවන්න යැයි උසාවි නියෝග ආවේ මේ රජය වසර පහක් පල්වෙමින් තිබූ එම නඩුව හමාර කළ නිසාය .

පුද්ගලිකව ද ගෝඨාභය රාජපක්ෂ චාම් සරල චරිතයකි .දිනකට පැය 18 ක් රට වෙනුවෙන් වැඩ කරන ඔහු නිවසින් කෑම ගෙන්වාගෙන අනුභව කළද එහි ජායාරූප පළ කරන්නට ගියේ නැත .ඔහුගේ නිවසේ මත්පැන් සාද රජයේ වියදමින් රාත්‍රි භෝජනද නැත .ජේ.ආර් ජයවර්ධන මැතිනිය මෙන් ආදර්ශමත් ආර්‍යාවක් සිටින ඔහු වාසනාවන්තය.එතුමියගේ අතිශය සරල චාම් පැවැත්ම ඔහුට ආලෝකයකි.ගෝඨාභය ගේ පුත්‍රයා ඉන්නේ කොහේදැයි කියාවත් බොහෝ දෙනා නොදනිති .පියාගේ දේශපාලනය සමඟ එම තරුණයා කිසිදු සබඳතාවක් නැත .

ගෝඨාභය රාජපක්ෂ ගැන තවත් බොහෝ දේ ලිවිය හැක.එසේ වර්ණනා කරනවාට ද ඔහු අකමැති ය.ඔහු මෙරට රාජ්‍ය නායකත්වය ට පත් වූ අමුතුම ආදර්ශමත් චරිතයකි .බොරු කරන මිනිසුන් ඉදිරියේ ඔහුට කේන්‍ති යයි.ඒ අවංක මිනිසුන්ගේ හැටිය.රටට ,ජාතියට ,ආගමට ආදරය කරන හිත හොඳ රුහුණේ මිනිසෙකු වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් රටට ජාතියට වරදක් නොවන බව ඔහුට බණින විපක්ෂය ද දනී.ඒ නිසා අපිත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතමු.

Leave a reply: