ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

බැසිල් ගේ ප්‍රධානත්වයෙන් කොරෝනා සහන මෙහෙයුම ඇරඹේ

කොරෝනා රෝග ව්‍යාප්තිය මර්දනයට ඇදිරි නීතිය පැන්වීමෙන් පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සහන සැලසීම සදහා ජනාධිපතිවරයා ගේ සහ අගමැතිවරයා ගේ උපදෙසින් විශේෂ සහන මෙහෙයුම් මැදිරිය අරලියගහ මන්දිරයේ දී අද (බදාදා ) ආරම්භ කළේය .

එහි ප්‍රධානියා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා ය .ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් ආදිය සහන මිලට නිවසටම සැපයීම මෙහි මූලික කාර්‍යයි.දිසාපතිවරුන් මාර්ගයෙන් ඉතා දිලිදු ජනතාවට ද්‍රව්‍යමය හා මූල්‍ය සහන සැපයීම එහි දෙවැනි අදියරයි.ඉන්ධන ,ගෑස්,ජලය ,විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඊළඟ පියවරයි.

මීට අමතරව දිවයින පුරා රජයේ රෝහල් වල සහ වෛද්‍ය මධ්‍යස්ථානවල සේවය කරන දහස් සංඛ්‍යාත සේවක සේවිකාවන් ගේ නිවෙස්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔවුන් වෙත පුද්ගලිකව සැපයීමට ද සහන මෙහෙයුම් මැදිරිය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත .

මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සදහා රජය දිසාපතිවරුන් ,අමාත්‍යවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානින් සම්බන්ධ කර ගනු ලැබේ.මේ වෙනුවෙන් සියලු සම්බන්ධීකරණ කටයුතු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් සිදු කරනු ලැබේ.

Leave a reply: