බෙදුම්වාදීන්ගේ ස්මාරක සියල්ල ඉවතට

මුලු ලෝකයම ත්‍රස්තවාදී සංවිධානයක් බව පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ යුද සමරු ස්මාරක සියල්ල ඉවත් කිරීමට රජය තීන්දු කර ඇත .උතුරේ ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ සංවර්ධනය හා පලදායී ජීවනෝපාය මාර්ග බවත් ඒ අයට ත්‍රස්තවාදය අවශ්‍ය නැති බවත් රජය කළ විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ .

කොටි යුද ස්මාරක ඉවත් කිරීමේ පළමු පියවර ලෙස යාපන සරසවි භූමියේ පිහිටුවා තිබූ ස්මාරකය ඉවත් කළේය .තවත් එබඳු කුඩා කොටි යුද ස්මාරක 20 කට වැඩි ගණනක් උතුරේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇතැයි වාර්තා වෙයි .

පසුගිය කාලයේ කොටි සංවිධානය පරාජය වීමෙන් පසු ඔවුන්ගේ බංකර ,යුද පුහුණු මධ්‍යස්ථාන ආදී සියල්ල ආරක්ෂක අංශ විසින් විනාශ කර දමන ලදී.ඒ ආකාරයටම යුද ස්මාරක ද ඉවත් කෙරෙයි.

එහෙත් මෙයට එරෙහිව බෙදුම්වාදී දේශපාලනයක් කරන මන්ත්‍රීවරු පිරිසක් හඬ නගන්නට පටන් ගෙන ඇත .ඔවුන් කුමක් කීවද ත්‍රස්තවාදීන්ටත් ත්‍රස්තවාදයටත් එරෙහිව රජය ගත් තීන්දුව ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශ වලට උපදෙස් දී තිබේ .

Leave a reply: