ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

බොරු චෝදනා මත නඩු පැවරූ නිලධාරීන්ගේත් ඊට අනුබල දුන් දේශපාලනඥයින්ගේත් ප්‍රජා අයිතිය අහෝසියි

පසුගිය වසර 5ක කාලය තුළ ඊට පෙර පැවති රජයේ උසස් තනතුරු දැරූ අවංක නිලධාරීන් රැසක්ම පීඩාවට පත් කිරීම සදහා බොරු නඩු පටලවා අත් අඩංගුවට ගැනීමට ,සිරගත කිරීමට සහ විවිධ තාඩන පීඩන වලට ලක්කිරීමට මුල් වූ ආරක්ෂක අංශ නිලධාරීන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය නීතිමය පියවර ගැනීමට යයි.ඒ සදහා අනුබල දුන් දේශපාලනඥයින් ලෙස සැලකෙන රාජිත සේනාරත්න ,චම්පික රණවක ආදීන්ටද එම නීතිය බලපවත්වනු ඇත .ඊට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම සදහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරනු ලැබේ.එම කොමිෂන් සභාව සදහා දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී ඇත .කොමිසමේ සාමාජිකයන් ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරෙති .

එම කොමිෂන් සභාව ට වැරදිකරුවන්ට දඩුවම් පැනවීමේ බලයද හිමිවන බව වාර්තා වේ .ඒ අනුව අදාල වරදකට වැරදිකරු වන තැනැත්තෙකු ගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කිරීම

Leave a reply: