භික්ෂූන් වහන්සේලාට මැතිවරණ තහනම් කෙරෙන නීති ගෙනෙන්නැයි සංඝ සමාජයෙන්ම ඉල්ලීම්

close up of hand and voting ballot

භික්ෂූන් වහන්සේලාට මහ මැතිවරණවලට ඉදිරිපත් වීම සඳහා තිබෙන අවස්ථාව අහිමි කරන නීතියක් පනවන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට නායක හිමිවරුන් පිරිසක් සැරසෙන බව අප වෙත වාර්තා වෙයි .

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් අතර හටගෙන තිබෙන අරගලය පැහැර ගැනීම් ,පහර දීම්,තර්ජනය කිරීම් දක්වා දුර දිග ගොස් තිබේ .මේ ගැන මේ වන විට ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් රැසක් සාකච්ඡා කර ඇත .ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරි හිමියන් නිල නිවේදනයක් නිකුත් කරමින් කීවේ මෙම මන්ත්‍රී පදවිය වහා අහෝසි කරන ලෙසයි. ආචාර්ය ඕමල්පේ සෝභිත සංඝනායක හිමියන්ද භික්ෂු දේශපාලනය විවේචනය කරමින් දැඩි ප්‍රකාශ ගණනාවක් නිකුත් කළහ .තවත් නායක හිමිවරුන් රැසක්ම මෙම තත්ත්වය දැඩි ලෙස විවේචනය කළහ .

සමාජ මාධ්‍ය ජාලවල මෙම ආරවුලට සම්බන්ධ අතුරලියේ රතන හිමිට හා ඥානසාර හිමිට බැණ වදිමින් ජනතාව ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබේ .මේ නිසා භික්ෂූන් වහන්සේලාගේ ගෞරවය ට දැඩි ලෙස හානි සිදුවන බැවින් මධ්‍යස්ථ නාහිමිවරුන් පිරිසක් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සමඟ සාකච්ඡා කොට භික්ෂු දේශපාලනය සහ මන්ත්‍රී පදවි දැරීමේ ඉඩකඩ අහෝසි කරන ලෙස නීති පනවන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට තීන්දු කර තිබේ .

එ.ජා.ප ය හා පොදුජන පෙරමුණ ප්‍රතිපත්තියක් ලෙස භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා ලබා නොදෙයි.එහෙත් පසුගිය මැතිවරණයේදී සමසමාජ පක්ෂය නියෝජනය කළ බද්දේගම සමිත හිමිට නාම යෝජනා හිමිවිය .ඒ දිගුකලක් උන්වහන්සේ පළාත් මන්ත්‍රී පදවියක් දරා ඇත යන පදනමිනි.

Leave a reply: