ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

මංගල ජන්ද සටනින් ඉවත් වෙයි ඇත්ත හේතුව සඟවයි.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර දිස්ත්‍රික්කයෙන් මහ ජන්දය ට තරග කිරීමට නාම යෝජනා බාර දුන් නමුත් ජන්ද සටනින් ඉවත් වන බව හදිසියේම නිවේදනය කළේය .සජිත් ප්‍රේමදාස ගේ සමගි ජනබලවේගයෙන් ජන්දය ට ඉදිරිපත් වූ මංගල පසුගිය කාලයේ මහ සංඝරත්නය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ නිසා සජිත් පිල ද විශාල අමාරුවක වැටුණු අතර මංගලගේ මාතර ජන්ද පදනමද දෙදරා ගියේය .ඒ නිසා මංගලගේ සමීපතම දේශපාලන කාර්‍ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් ඔහුගෙන් ඉවත් ව මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් ගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වූහ .එසේම මංගල ගේ ලිබරල් ප්‍රතිපත්ති සජිත් පිලේ ප්‍රතිපත්ති සමඟ නොගැලපෙන නිසා ඔහු සිටියේ පක්ෂය තුළ කොන්වූ ගාණට ය.

කෙසේ වෙතත් මෙවර මාතර මනාප සටනින් මංගල සමරවීර ඉතිහාසයේ පළමු වරට පරාජය වන බව ඔහුගේ සමීපතමයන් කළ සමීක්ෂණයකින් හෙළිදරව් වූයේ මෑතකදී ය .සමගි ජන බලවේගයේ තරුණ ජනප්‍රිය අපේක්ෂකයෙකු වන චතුර ගලප්පත්ති ට මංගල සමරවීර මෙදා පරාජය වන බව සමීක්ෂණයෙන් අනාවරණය විය .

චතුර ගලප්පත්ති ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය චරිතයක් වන නිසා මංගල බියට පත් විය.ඉන් අනතුරුව ඔහු ජන්ද සටනින් ඉවත් වූයේ නව දේශපාලන ගමනක් අරඹන බව කියමිනි .

ඔහු සමුගනිමින් කළ නිවේදනය මගින් සමගි ජනබලවේගයෙන් නායක සජිත් ප්‍රේමදාස ට හොඳ ටොක්කක් ඇන තිබේ .එයින් මංගල සමරවීර කියා සිටියේ මෙරට ගොඩ ගත හැක්කේ එ.ජා.ප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවය.එසේම පක්ෂය බෙදී සිටින නිසා ඉදිරි මහ මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඉහළ ජයග්‍රහණයක් ලබන බවද ඔහු පවසා ඇත .එසේ කියමින් මන්ත්‍රී දිවියට සමුදුන් මංගල සමරවීර ආන්දෝලනාත්මක දේශපාලන චරිතයකි .කවුරුන් කෙසේ කීවද ඔහු හොඳ ලිබරල්වාදීයෙකු මෙන්ම හොඳ ප්‍රජාතන්ත්‍රවාදීයෙකු බවද කිව යුතුය .

Leave a reply: