ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

මංගල සමරවීර බංකොලොත් කළ ආර්ථිකයේ විදේශ ණය බර කෝටි 480 පනී

පසුගිය යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජාතික ආර්ථිකය කාබාසිනියා කර රට අගාධයට ඇද දැමූ හිටපු මුදල් ඇමැති මංගල සමරවීරගේ අත්තනෝමතික වියදම් නිසා 2020 වසරේදී ඇ.ඩොලර් කෝටි 480ක් විදේශ ණය ගෙවීමට සිදුව තිබේ .

රටේ ආර්ථිකය සංවර්ධනය කරනවා යැයි කියමින් ගම් පෙරළිය ,එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ තවත් දැවැන්ත ප්‍රචාරණ දේශපාලන වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි සිය ගණනක් කාබාසිනියා කර දැමූ මංගල දැවැන්ත ණය බරකට රට ණය කළේය .

ඔහුගේ අසාර්ථක ගම් පෙරළිය ව්‍යාපෘතියට පමණක් රුපියල් කෝටි 4000ක් වැය කළේය .
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට රුපියල් කෝටි දහසක් පමණ නාස්ති කළේය .
මේ හැර ආර්ථික විශේෂඥයන් ගේ උපදෙස් නොතකා අසීමිත ලෙස රාජ්‍ය සේවක සංඛ්‍යාව පුළුල් කිරීම ,රජයට දරාගත නොහැකි වැටුප් වර්ධක ලබා දීම වැනි දේශපාලන වැඩසටහන් හේතුවෙන් ජාතික ආර්ථිකය කඩා වැටුණි .මංගල සමරවීර ,චම්පික රණවක ,සජිත් ප්‍රේමදාස ,රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් ගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සදහා පමණක් රුපියල් කෝටි එකොළොස් දහසක් පමණ පසුගිය වසර දෙකේ වැය කර ඇත .මෙම වියදම් සියල්ල සිදු කර ඇත්තේ මහ භාණ්ඩාගාරයට ලැබුණු විදේශ ණය වලිනි .මීට අමතරව රජයට මුක්කු ගැසූ දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට ගත වූ වසර 4ක කාලය තුළ රුපියල් කෝටි 300 ට වැඩි මුදලක් විවිධ වැඩසටහන් යටතේ පිරිනමා ඇත .මේ නිසා විදේශ ණය බර ඉහළ ගිය අතර ආර්ථිකය සහමුලින් අඩාල විය .

Leave a reply: