මංගල සමරවීර ලා බොරු නඩුවලින් ගොඩ යන්න බලයි

ආණ්ඩුවේ කටයුතු වලට බාධා කිරීම සදහා පදනම් විරහිත නඩු ගණනාවක් පැවරීමට හිටපු ඇමැතිවරයෙකු වන මංගල සමරවීර ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටී .සමාජයේ ජනතාව සමග දේශපාලනය නොකිරීම ත් ,කොරෝනා විපත හමුවේ ජනතා සුබසාධනය සැලසීමත් අමතක කර ඇති මංගලලා ඒ මහ විපත මධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයේ හතර මායිම් සොයමින් ආණ්ඩුව ට එරෙහිව නඩු පැවරීමට පටන් ගෙන ඇත .

ඔවුන් මෙම නඩු පවරන්නේ මහ ජන්දය අවලංගු කිරීම ,පැරැණි පාර්ලිමේන්තුව නැවත කැදවීම,කොරෝනාවට මුදල් වියදම් කිරීම අත් හිටුවීම ,ගෝඨාභය රාජපක්ෂ ගේ ජනාධිපති ධුරය වලංගු නැති යැයි කීම වැනි මේ දිනවල ජනතාවට වැඩක් නැති මාතෘකා ලෙසින් පවත්නා කාරණා අරමුණු කර ගෙන මිස දේශපාලන ප්‍රශ්න උදෙසා නොවේ.ජනතාව ජීවිතය ත් මරණය ත් අතර සටනක යෙදී සිටිද්දී සජිත් පිල ජනතාව අමතක කර නඩු වලින් ගොඩ යන්නට හදන්නේ ඔවුන්ට ජනමතය ජය ගන්න ට නොහැකි නිසායැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ පවසති .ඔවුන් මේ සති අන්තයේ ජනතාවට සහන සැලසීම සදහා යැයි කියමින් රැස්වීම් ගණනාවක් පවත්වා රජය අපහසුතාවයට පත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවද රජය ට වාර්තා වී ඇත .ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට රජය සැලසුම් කරමින් සිටින බව ද කොලඹින් වාර්තා වේ .

Leave a reply: