මධ්‍යම අධිවේගය තවත් වසර දෙකකින්

The 126km long Southern Expressway which is Sri Lanka's first E class highway expects to cut down the typical 5hr travel time between Colombo to Matara by 50%.

කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය තවත් වසර දෙකකින් එනම් 2022 අවසන් භාගයේ දී විවෘත කිරීමට හැකිවෙතැයි මාර්ග සංවර්ධන අධිකාරිය මේ සතියේ විශ්වාස ය පල කළේය .දැනට මෙහි දෙවැනි අදියරේ ඉදිකිරීම් 90% ක් පමණ හමාර කර ඇති අතර එම කොටස මීරිගම සිට කුරුණෑගල දක්වා දිවේ.

මේ තාක් කල් පමා වෙමින් තිබූ මධ්‍යම අධිවේගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම අතර කොටසේ ඉදිකිරීම පසුගිය පහළොස් වැනිදා කඩවතදී ආරම්භ විය .ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දහසක් පමණ වැය කෙරේ .එම මුදල සහන ණයක් ලෙස චීනයේ එක්සිම් බැංකුව ප්‍රදානය කර ඇත .කුරුණෑගල සිට ගලගෙදර හරහා මහනුවර දක්වා දිවෙන තුන්වැනි පියවරේ මූලික කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ .

එහි මාර්ගය ඉදිකිරීමේ කටයුතු තවත් ටික දිනකින් ඇරඹෙනු ඇතැයි සැලකේ.ඊට ශ්‍රී ලංකාවේ වානිජ බැංකු ගණනාවක මූල්‍ය අනුග්‍රහය හිමිවෙයි .පැය එක හමාරක කාලයකින් මහනුවරට ළඟා විය හැකි කොළඹ නුවර අධිවේගී මාර්ගය මෙරට අධිවේගී මාර්ග අතර වඩාත් දුෂ්කරම ඉදිකිරීම බව ද සැලකේ.

Leave a reply: