ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

මනාප සටනින් වැඩිම මනාප මහින්ද ට, රනිල් -සජිත් සටනින් රනිල් පරදී

ඉදිරි මහ මැතිවරණයේ මනාප ජන්ද සම්බන්ධයෙන් කරන ලද නවතම ජනමත සමීක්ෂණයක ප්‍රතිපල ඊයේ නිකුත් විය.මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් විසිනි .

ඒ අනුව මෙවර දිවයිනේ වැඩිම මනාප ලාභියා වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ය.සමීක්ෂණය අනුව ඔහු ලබන මනාප සංඛ්‍යාව 45000කි.පොහොට්ටුවේ ඉහළම මනාප ලබන සෙසු අපේක්ෂකයන් අතර විමල් වීරවංශ ,උදය ගම්මන්පිල සහ ජීවන් තොන්ඩමන් වන බව වාර්තා වෙයි .

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවන මනාප සටනින් ජයග්‍රහණය ලබනු ඇත්තේ සජිත් ප්‍රේමදාස ය.ඔහු මනාප ජන්ද ලක්ෂ දෙකක් පමණ ලබන විට රනිල් වික්‍රමසිංහ ට ලබා ගත හැක්කේ මනාප ජන්ද ලක්ෂයක් පමණක්යැයි සඳහන් ය.පක්ෂයේ සෙසු ඉහළ මනාප ලාභීන් සුලු ජාතික පක්ෂ නියෝජනය කරන්නෝ වෙති.කෙසේ හෝ මනාප ජන්ද සටන් වලින් පරදින ප්‍රබල චරිත ලෙස හඳුනාගෙන ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ,නවීන් දිසානායක ,තිලංග සුමතිපාල ,දයා ගමගේ සහ ඒ.එච්.එම් ෆවුසි ආදිහුය.

එසේම පසුගිය පාර්ලිමේන්තුවේ මැති ඇමැති ධුර දැරූ 65 ත් 70 ත් අතර පිරිසකට මෙවර මන්ත්‍රී වරම අහිමි වන බව ද වාර්තා වී තිබේ .එම තොරතුරු මෙයට පෙර සිදු කළ සමීක්ෂණ ගණනාවකින් තහවුරු වී ඇත .

Leave a reply: