ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

මහින්ද ට බොරු අභියෝගයක් කළ සජිත් මාධ්‍යට බැහැ කියයි

රටේ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙසට මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතා මෙරට කිසිදු මාධ්‍යකට මැතිවරණය නිමිත්තෙන් සම්මුඛ සාකච්ඡා ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ .ඔහු විසින් මැතිවරණ වේදිකාවේ දී ජනතාවට ලබා දුන් විහිලු සහගත පොරොන්දු ඉටු කරන ආකාරය ගැන මාධ්‍ය ප්‍රශ්න කළහොත් තමන් අමාරුවේ වැටෙතැයි බියෙන් ඔහු මෙලෙස මාධ්‍ය හමුවීම ප්‍රතික්ෂේප කර ඇත .

මෙවර මහ මැතිවරණය නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ ,රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයන් සියලු දෙනා අවසන් සතියේ මාධ්‍ය හමුවී ජනතාව වෙනුවෙන් මාධ්‍ය නගන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඉදිරිපත් වූහ . එහෙත් තමන් මෙවර බලය අත්පත් කරගන්න බව කියන සජිත් ප්‍රේමදාස මෙලෙස මාධ්‍ය ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහුගේ පක්ෂයෙන්ම ඔහුට විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වෙයි .

මාධ්‍ය හමුවීම ප්‍රතික්ෂේප කළ සජිත් තමන් සමග රටේ ආර්ථිකය පිළිබඳ විවාදයකට එනමෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව මහනුවරදී ඊයේ (සිකුරාදා ) ප්‍රකාශ කළේය .

50 වසරක මැතිවරණ අත්දැකීම් ඇති පරිණත දේශපාලඥයෙකු වන මහින්ද රාජපක්ෂ සජිත් වැනි දේශපාලන පැංචෙකු සමඟ වාදයකට නොපෑහෙන බව හොඳින් දන්නා නිසා සජිත් මෙම අභියෝගය කළ බව පොහොට්ටුව ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් තමන් ආර්ථික විද්‍යා උපාධියක් ලද විශේෂඥයෙක්‍ යැයි කියාගන්නා සජිත් ප්‍රේමදාස ට විවාදයක් අවශ්‍ය නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ සිටින සජිත් ප්‍රේමදාස කැමති මන්ත්‍රීවරයෙකු නම් කිරීමට තම පක්ෂය තීන්දු කළ බව පොහොට්ටුව පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා අප වෙබ් අඩවියට කීය.

සජිත් සමඟ විවාදයකට තමන් සූදානම් බව එ.ජා.පයේ මහ මැතිවරණය ට තරග කරන ආචාර්ය මර්වින් සිල්වා ප්‍රකාශ කර තිබේ .ඒත් මහින්ද ට අභියෝග කරන සජිත් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත .

Leave a reply: