ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

මහ ජන්දයේ ප්‍රචාරක කටයුතු අද නිම වෙයි

close up of hand and voting ballot

මෑත ඉතිහාසයේ මහ මැතිවරණයක දීර්ඝතම ප්‍රචාරක කාලයක් හමාර කරමින් ජන්ද ප්‍රචාරක කටයුතු අද (ඉරිදා )මධ්‍යම රාත්‍රියෙන් හමාර වෙයි .පසුගිය මාර්තු මස 3 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයේ සිට කොරෝනා වසංගත තත්ත්වය නිසා ජන්දය දිගින් දිගටම කල් ගියේය .ඒ සමඟ ප්‍රචාරක කාලය මාස 5ක් දක්වා දීර්ඝ විය.

අද ( ඉරිදා ) දිනයේ අවසන් ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙයි .ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේදීද ,සජිත් ප්‍රේමදාස මහතා මැද කොළඹදීද ,රනිල් වික්‍රමසිංහ මහතා මාලිගාවත්තේදීද අනුර දිසානායක මහතා අලුත් කඩේදීද සිය අවසන් ප්‍රචාරක රැස්වීම් අමතති.

හෙට සිට දින 2ක් මහ මැතිවරණයේ නිහඬ කාලය වන අතර මෙම කාලය තුළ ප්‍රචාරක කටයුතු තහනම් ය.මන්ත්‍රී ධුර 225 ක් සඳහා ජන්ද අපේක්ෂකයන් 7452 ක් තරග වදින මෙම මහ මැතිවරණය නිදහස් ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයයි.මෙවර ජන්දය ට පිළිගත් පක්ෂ 25 ක් ඉදිරිපත් ව ඇතත් තරගය පවතින්නේ පොහොට්ටුව හා දුරකථනය අතරය.

එ.ජා.පය ඉතිහාසයේ දෙවැනි වරටත් දෙකඩ වී තිබේ .දෙමළ සන්ධානයද දෙකඩ වී හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් වෙනම තරගයට ඉදිරිපත් වී ඇත .මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ සියලු සුලු ජාතික පක්ෂ සජිත් ප්‍රේමදාස ගේ සමගි ජනබලවේගය සමඟ එක්ව සිටී.පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ සුලු ජාතික පක්ෂවල කිසිදු සහයක් නොමැතිව ය .ඒ නිසා මෙවර මහ මැතිවරණයේදීත් සුලු ජාතික පක්ෂවල බලපෑම අවම වී තිබේ .

Leave a reply: