ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

මහ බැංකුව අනුන්ට බැණ වැදී වැරදි වහ ගැනීමේ උත්සාහයක

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා කොරෝනා ණය සහන ව්‍යාපෘතිය ප්‍රමාද කළේ මහා භාණ්ඩාගාරය විසින්යැයි චෝදනා නැගීම තමන් අතින් සිදුවූ වැරදි වසා ගැනීම සඳහා කරන ලද අසත්‍ය ප්‍රකාශයක් බව වානිජ මණ්ඩල ප්‍රකාශ කරයි.

කොරෝනා ණය සහන සැලසීමේ ජනාධිපතිවරයා ගේ වැඩසටහන යටතට 4% ක සහන පොලියට සහන ණය සපයන ලෙස මහ බැංකුවට නියම කළේ පසුගිය අප්‍රේල් මාසයේදී ය.එහෙත් මහ බැංකුව විසින් මහා භාණ්ඩාගාරය ඒ සඳහා යෝජනා කළ ක්‍රමවේදය පිළිගත්තේ නැත .ඒ වෙනුවට ප්‍රශ්නය උග්‍ර වන තෙක් වැඩ කටයුතු පමා කළේ විවිධ හේතු දක්වමිනි .

මහා භාණ්ඩාගාරය මේ සහන ණය නිකුත් කිරීම පිණිස 1% ක සහන පොලියට වානිජ බැංකුවලට ණය නිකුත් කරන ලෙස ඉල්ලා සිටියත් මහ බැංකුව එම යෝජනාව ප්‍රතික්ෂේප කොට බැංකුවලට මුදල් සැපයීම අනවශ්‍ය බවත් ,ණය රක්ෂණයක් ලබා දීම ප්‍රමාණවත් බවත් කීය.එහෙත් මෙයට පෙර මහ බැංකුව ලබා දුන් එවන් පොරොන්දු ඉටු නොවීම නිසා වානිජ බැංකු අඩාල වූ ව්‍යාපාරවලට ණය සැපයුවේ නැත .ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වී ජනාධිපතිවරයා ට දස දෙසින් පැමිණිලි ගලා ආවේ 4% සහන ණය නොලැබෙන බව කියමිනි .අවසානයේ ජනාධිපතිවරයගෙන් බැණුම් අසා පැය කිහිපයක් තුළ කලින් මහා භාණ්ඩාගාරය යෝජනා කළ ආකාරයට බැංකු වලට ණය නිකුත් කරන්නට මහ බැංකුව ක්‍රියා කළේය .

මහ බැංකුවේ ළඟදී විශ්‍රාම ලබන්නට සිටින නියෝජ්‍ය අධිපතිවරුන්ගේ පටු දේශපාලනය නිසා මෙම ප්‍රශ්නය උග්‍ර වූ අතර දැන් එය සමනය වෙමින් තිබේ .එහෙත් අන්‍යයන්ට බොරු චෝදනා නගමින් ඔවුන් අසුවූ උගුලෙන් ගැලවීමට ප්‍රයත්න දැරීම ගැන බොහෝ වානිජ මණ්ඩල අප්‍රසාදය පල කරති.

Leave a reply: