මහ බැංකු කොල්ලයට යහපාලන ඇමැති 7 කට අධි චෝදනා

වත්මන් රජය යටතේ සිදුවූ දැවැන්තම මූල්‍ය අපරාධය ලෙස සැලකෙන මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ රජයේ අමාත්‍යවරුන් 7දෙනෙකුට කොලඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි නීති අංශ ආරංචි මාර්ග පවසයි .

කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙක් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනෙක් මේ හත්දෙනා අතර වෙති.සැලසුම් සහගත ලෙස මහ බැංකු කොල්ලය සිදු කොට රජයට රුපියල් බිලියන ගණනාවක් පාඩු කිරීමේ චෝදනාව යටතේ අධි චෝදනා පත්‍රය සකස් කරයි .බොහෝවිට ඉදිරි සතියේ මෙම අධි චෝදනා පත්‍ර ගොනු කිරීම සිදු කිරීමට නියමිතය .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page