ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

මහ මැතිවරණය අගෝස්තුවට කල් යයි.

close up of hand and voting ballot

ජූනි මස විසි විසි වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය අගෝස්තු මාසයට කල් යාමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමෙහි ආරංචි මාර්ග සඳහන් කරයි.මහ මැතිවරණය පවත්වන ලෙස සෞඛ්‍ය අංශ වලින් නිර්දේශ ලැබී සති 9 සති 11ත් අතර කාලයක් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීමත් සමඟම මෙම තත්ත්වය හටගත්තේය.

සෞඛ්‍ය අංශ විසින් මෙතෙක් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව හෝ කොරෝනා රෝගය පාලනය වීම සම්බන්ධව නිර්දේශ නිකුත් කර නැත.එම නිර්දේශය ඉදිරි සතියේ දී මැතිවරණ කොමිසම වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි .එසේ වුවහොත් මැතිවරණය පැවැත්වීම අගෝස්තු මස මුල් සතියේ සිදු වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.කෙසේ වුවත් ඡන්දය පැවැත්වීමේදී කොරෝනා වසංගත තත්ත්වය නිසා විශේෂ විධිවිධාන රාශියක් ක්‍රියාත්මක කිරීමට දැනටමත ඔවුන් සැලසුම් කර තිබේ .

ඒ අනුව ඇඟිල්ලේ තීන්ත ආලේපය වෙනුවට ඇඟිල්ලට තීන්ත විදීමේ ක්‍රමවේදයක්ද සමාජ දුරස්ථ භාවය රැකෙන ලෙස ඡන්ද පොළවල් සංවිධානයද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංවිධානය ද දැනටමත් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. ඊට අමතරව මැතිවරණය පවත්වන දිනයට පසුදින ඡන්ද ගණන්කලයුතු බවටයෝජනාවක් ද ඉදිරිපත් වී ඇත.මේ සියල්ල ගැන අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂම අපේක්ෂා කරන්නේ සෞඛ්‍යය අංශ වල නිර්දේශ ලැබීමෙන් පසු පවත්වනු ලබන මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමේදී ය . සමාජයෙන් කොරෝනා රෝගීන් හමු නොවී දැනට දින විසිඑකක් ඉක්මවා ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් රටේ පවත්නා බව සෞඛ්‍ය අංශ බලධරයන්ගේ මතය බව එම දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යා අංශයේ මතය බව දැනගන්නට තිබේ .

Leave a reply: