මහ මැතිවරණය ට පෙර කොරෝනාවෙන් නිදහස් වීමේ සැලසුමක්

අගෝස්තු මස 05 දින මහ මැතිවරණය ට පෙර කොරෝනා රෝගයෙන් නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.මේ සතිය වන විට රෝහල් වල ප්‍රතිකාර ලැබූ රෝගීන් ගණන 400ක් පමණ විය.මෙතෙක් මෙරටින් වාර්තා වී තිබූ මුලු රෝගීන් ගණන අඟහරුවාදා වන විට 1951කි.ඔවුන්ගෙන් බහුතරය සුවය ලබා පිටව ගොස් සිටී .එසේම රෝගීන් සුව වීමේ ප්‍රතිශතයද 80% ඉක්මවා ඇත .

දැනට සති ගාණක් තිස්සේ රට තුළින් එකඳු කොරෝනා රෝගියකුවත් වාර්තා වී නැත .මේ සතිය ආරම්භයේ දී රෝගීන් දෙතුන් දෙනෙක් වාර්තා වුවත් ඔවුන් සියල්ලන්ම විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි අයයි.

තවදුරටත් නිරෝධායන නීති දැඩි ලෙස රට තුළ ක්‍රියාත්මක කරනු ලැබේ .ලබන අගෝස්තු 1 වැනිදා කටුනායක ගුවන් තොටුපොළ විවෘත වුවද P.C.R වාර්තා නොමැති මගීන්ට රටට පිවිසීම අත් හිටවනු ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග කියයි .

මේ මස අවසානයේ ජනාධිපතිවරයා හා කොරෝනා පාලන කාර්‍ය සාධන මණ්ඩලය අතර හමුවක් පැවැත්වෙයි . .එහිදී තත්ත්වය සමාලෝචනය කර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ට අදාළ පන්ති පැවැත්වීමටත් ,පාසල් විවෘත කිරීමටත් මූලික උපදෙස් නිකුත් කරනු ඇත .

Leave a reply: