ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

මානව හිමිකම් කොමිසම යුධ හමුදා සෙබළුන්ගේ මානව හිමිකම් කඩයි.

මෙරට පිහිටුවා තිබෙන ස්වාධීන කොමිෂන් සභාවක් යයි කියා ගන්නා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අපේ ත්‍රිවිධ හමුදා සෙබළුන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට බැඳීමට තිබූ අවස්ථාව අහිමි කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි .

මේ වසරේ අප රටේ ත්‍රිවිධ හමුදා සෙබළුන්ගෙන් තිස් දෙනෙකුට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සෙබල තනතුරු පිරිනමන බව එක්සත් ජාතීන් ප්‍රකාශ කර තිබිණි .එලෙස සාම සාධක හමුදාව සඳහා බැඳෙන සෙබළුන්ට විශාල ඩොලර් වැටුපක් ලැබෙන අතර එය අපේ රණවිරුවන්ට ජීවිතයේ ලැබෙන විරල ගණයේ වෘත්තීය අවස්ථාවකි.මේ සඳහා රජය විසින් සෙබළුන් නම් කළ පසු ඔවුනට මානව හිමිකම් කොමිෂන් සභාව මගින් වෘත්තීයමය නිෂ්කාශන සහතිකයක් ලබා දිය යුතුය.එම සහතිකය නොමැතිව එක්සත් ජාතීන් සාම සාධක හමුදාව සඳහා කිසිවකු බඳවා ගන්නේ නැත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ සෙබළුන්ගේ නම් ඉදිරිපත් කල විට සහතික පත්‍රය ලබා දීම එකවර කළ නොහැකි බවත් මෙම සෙබළුන් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී තිබේදැයි පරික්ෂා කළ යුතු බවත් කොමිෂන් සභාව රජයට දැනුම් දී ඇත.එසේ කියා මානව හිමිකම් පරීක්ෂකයන් පිරිසක් ලවා අදාළ සෙබලුන් ගැන පරීක්ෂණයක් ආරම්භ කළ බව දැන ගන්නට තිබේ.එම මානව හිමිකම් පරීක්ෂකයන් යටකී පරීක්ෂණය සිතාමතාම සෑහෙන කාලයක් තිස්සේ පමා කිරීම හේතුවෙන් මෙරටින් සාම සාධක හමුදාවට සෙබළුන් බඳවා ගැනීම සඳහා ලබා දී තිබූ අවසන් දිනය ඉකුත් වී ගියේය .එම නිසා අපේ රණ විරුවන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට බැඳී ඉහල වැටුළ වැටුපක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය .එය තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව මේ ගැන අප වෙත කරුණු දැක් වූ හමුදා සෙබළුන් කිහිප දෙනෙක් සඳහන් කරනු ලැබූහ.

යහ පාලන ආණ්ඩුව විසින් පත්කරන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රට කොටි ත්‍රස්තවාදයෙන් බේරා ගත් යුද හමුදාව කෙරෙහි වපර ඇසින් බලන කොමිෂන් සභාවකි.පසුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් කොමිසමට මේ රට යුද හමුදා සෙබළුන් අපරාධ වලට සම්බන්ධ බවට චෝදනා නගමින් රහසි ගත වාර්තාවක් ඉදිරිපත් කළේත් මෙම කොමිෂන් සභාව බව ප්‍රකට කරුණකි .එහි සභාපතිත්වය දරන දීපිකා උඩගම මහත්මිය මෙරට ප්‍රබල එන්ජීඕ ක්‍රියා කාරිනියකි.සෙසු සාමාජිකයන් ගෙන් බහුතරය ද එන්ජීඕ සබඳතා ඇති අයය . ත්‍රිවිධ හමුදාව වෙත ඔවුන් දෙවන පන්තියේ සැලකිල්ලක් දක්වන්නේ එම නිසා බැවින් වහා මෙම කොමිෂන් සභා අහෝසි කර දැමිය යුතු බව මෙයට පෙර වාර ගණනක් ම ජාතික සංවිධාන එකමුතුව රජයට දැනුම් දී තිබිණි.

Leave a reply: