මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලා අස් වීමට සැබෑ හේතුව රත්නජීවන් හූල් ගේ පදනම් විරහිත කතා.

ද්විත්ව පුරවැසියකු මෙන්ම එන්. ජී .ඕ ගැත්තෙකුද වන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් නැමැත්තා විසින් ජනාධිපති මැතිවරණය අසාධාරණ ඡන්දයක් බවට මාධ්‍ය වලට ප්‍රකාශ කිරීම නිසා කලකිරීමට පත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය ඉල්ලා අස්වීම කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට යොමු කර ඇත .නිසි පරිදි ඡන්දය පැවතුන බවට අවසන් ඡන්ද ප්‍රතිඵලය සහතික කරන ලද මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහතුන් සමග මැතිවරණ ප්‍රතිඵලය සහතික කළ එම කොමිසමේ සෙසු සාමාජිකයා වන රත්නජීවන් හූල් මැතිවරණය පවත්වා දෙසතියකට පසු එය අසාධාරණ බව හදිසියේම ප්‍රකාශ කිරීම බරපතළ සැකයට තුඩු දී තිබේ .

මැතිවරණය අසාධාරණ බවට තර්ක කරන රත්නජීවන් හූල් ඒ සඳහා ඉදිරිපත් කරන්නේ පදනම් විරහිත සාක්ෂි ය .ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිකම අහෝසි වී නැතැයි තර්ක කරන ඔහු ඒ සඳහා කිසිදු සාධකයක් ඉදිරිපත් නොකරන අතර එය පදනම් කරගෙන නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ යුතුව තිබූ බවද ව්‍යංගයෙන් කියයි .මෙම කාරණය පදනම් කරගෙන ප්‍රබල එන්ජීඕ කරුවන් දෙදෙනෙකු වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ ඇපැල් උසාවියේ පවරන ලද නඩුව විභාගයටද නොගෙන ප්‍රතික්ෂේප කිරීම ගැන රත්නජීවන් ඔහු සිය විරෝධය පළ කරයි .එය අධිකරණය ට කරන ලද බරපතළ අපහාසයකි .

එසේම අලි සබ්රි ජනාධිපති නීතිඥවරයා මුස්ලිම් ජනතාවගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙස කරන ලද ඉල්ලීම නිසා ඔහුට එරෙහිව පියවර ගත යුතුව තිබූ බව ද කියයි . එහෙත් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් එජාපයේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය එවැනිම ඉල්ලීමක් කිරීම ගැන වචනයකුදු සඳහන් නො කිරීමට ඔහු වංචා සහගත ලෙස ක්‍රියා කර ඇත .මේ ආකාරයට පක්ෂග්‍රාහී ලෙස අභූත චෝදනා නගමින් ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා ලද අති විශිෂ්ට ජයග්‍රහණය හෑල්ලු කිරීමට උත්සාහ කරන කැනඩාව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම ද්විත්ව පුරවැසියෙකු වන රත්නජීවන් හූල් නැමැත්තා යාපනය යාපනය සරසවියේ ආචාර්ය වරයෙකු වශයෙන් ස්වකීය වෘත්තීය සගයන් අතරද අප්‍රසාදයට පත් වූ චරිතයකි .

එක්සත් ජාතික පක්ෂයෙන් සහ දෙමළ ඩයස්පෝරාවෙන් මාසිකව වැටුප් ලබන රත්නජීවන් හූල් නැමැත්තා මෙම තනතුරට පත් කිරීමට මුල් වූයේ කතානායක කථානායක කරු ජයසූරියය. එජාප ගැත්තන්ගෙන් අධිකරණයේ විනිසුරු තනතුරු මෙන් ම පොලිස්පති තනතුර වැනි උසස් පදවි වලට අර්බුදකාරී පුද්ගලයන් පත්කිරීම සඳහා මුල් වී ක්‍රියා කළ කරු ජයසූරිය මැතිවරණ කොමිෂමේ මේ ව්‍යාකූල තත්ත්වයට සහමුලින් ම වගකිව යුතු බව දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page