ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

මැතිවරණ කොමිසමේ සාමාජික රාජන් හූල්ට රාජ්‍ය නිලධාරීන් ගේ සහ ජනතාව ගේ විරෝධය

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වීමටත් පෙර එම ජන්දය සැක සහිතයැයි කියමින් බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට විශේෂ ප්‍රකාශයක් කර ඇති මැතිවරණ කොමිසමේ සාමාජික රාජන් හූල් නැමැත්තාට රාජ්‍ය නිලධාරීන් ගේ සහ පොදු ජනතාව ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

ඔහු පසුගිය සති කිහිපය පුරා ඇතැම් දිස්ත්‍රික්කවල තේරීම් බාර නිලධාරීන්ටත්, ජන්ද පොළ බාර ග්‍රාම සේවා නිලධාරීන්ටත් චෝදනා කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කළේය. එසේම ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයකු 50% ජන්ද ප්‍රතිශතයක් නොලබන බවට මාධ්‍ය හමුවේ බොරු අනාවැකියක්ද පළ කළේය. මෙවන් පක්ෂග්‍රාහී නීති විරෝධි ක්‍රියා කරන තැනැත්තන් ස්වාධීන මැතිවරණ කොමිසමේ ගරුත්වය කෙළසන බව රජයේ පරිපාලන නිලධාරීහු පවසති. රාජන් හූල් නැමැත්තා ගේ මෙම විෂමාචාර ක්‍රියා වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට විද්වත් සංවිධාන කිහිපයක් දැනටමත් කරුණු අධ්‍යනය කරමින් සිටී.

Leave a reply: