මැතිවරණ කොමිසම හූල් ගේ පදයට නටයි

ස්වාධීනයැයි කියාගන්නා මැතිවරණ කොමිසම එහි සාමාජික රත්න ජීවන් හූල් කියන ආකාරයට තම නිර්දේශ සකස් කරමින් මහ මැතිවරණය මාස දෙක හමාරක් කල් දැමීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි .ඒ අනුව වෛද්‍ය අංශයේ නිර්දේශ ලැබුණු පසුවද සති නවයත් එකොළහත් අතර කාලයක් මහ මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය බව අධිකරණය ට දැන්වීය.

නිතර නිතර සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන මහත්වරුන් දුරකථනයෙන් අමතමින් ඔවුන්ගෙන් දේශපාලන උපදෙස් ලබා ගන්නා මැතිවරණ කොමිසමේ සාමාජික රත්න ජීවන් හූල් සජිත් පිලේ ඉල්ලීම පරිදි මහ මැතිවරණය කල් දැමීමට සියුම් සැලසුමක් සකස් කළේය .

ඒ අනුව මාස දෙක හමාරකින් ජන්දය කල් දමා ආණ්ඩුව අපහසුතාවට පත් කර මැතිවරණය ජයග්‍රහණය කළ හැකි දැයි බැලීම සජිත් පිලේ උපායයි.

ඒ අතරතුර කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාව සදහා රජය ලබා දෙන රුපියල් 5000 ක දීමනාව නතර කරන ලෙස මැතිවරණ කොමිසම නියම කළේ සජිත් පිල හා රත්න ජීවන් හූල් අතර ඇති කර ගත් එකගතාවක් අනුව බව දැනගන්නට තිබේ .හූල් ගේ මෙම වැඩපිළිවෙළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සෙසු සාමාජිකයන් ද අනුමත කර ඇත .

Leave a reply: