මැතිවරණ සමයේ රජය අවුල් කිරීමේ සැලසුමක්

මහ මැතිවරණය පැවැත්වෙන සමයේ රජය සහ නීති ක්ශේත්‍රය අතරත් ,රජය සහ ජනමාධ්‍ය අතරත් ස්වාධීන කොමිෂන් සභා සහ රජය අතරත් ගැටුම් ඇතිකිරීමේ සියුම් සැලසුමක් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සහ එන්.ජී.ඕ.විදවතුන් සහ නීතිඥවරුන් පිරිසකගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ .

මූලික වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ,අධිකරණය හා රජය අතර ගැටුමක් ඇති කොට රජය සද්භාවයෙන් ගනු ලබන තීන්දුවලට අවහිර කිරීම එක් අදියරකි.ඒ සදහා එන්.ජී.ඕ.ක්‍රියාකාරකයින් පිරිසක් ජනාධිපති නීතිඥවරු දෙදෙනෙක් තිරය පිටුපස සිට උගුල් අටවමින් සිටී.මෙයින් එක් ජනාධිපති නීතිඥවරයෙක් විවිධ මාධ්‍ය භාවිත කර රජයේ ප්‍රබල චරිතවල ප්‍රතිරූපයට හානි කිරීම සදහා ක්‍රියා කරමින් සිටින බව රජය විසින් අනාවරණය කර ගෙන ඇත .මෙම තැනැත්තා පසුගිය රජය සමයේ රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දරමින් අන්ත දූෂිත ලෙස ආයතනය මෙහෙයවා මුදල් ගරාගත් පුද්ගලයෙකි .

මෙයට අමතරව ස්වාධීන කොමිසමක්යැයි කියා ගන්නා කොමිෂන් සභා දෙකක කොමසාරිස් තනතුරු දරන කොමසාරිස්වරයෙකු හා කොමසාරිස්වරියක් රජයට එරෙහිව විවෘතවම ක්‍රියා කරන්නට පටන් ගෙන ඇත .මෙම දෙදෙනාගේ ක්‍රියා කලාපය එකී ස්වාධීන කොමිෂන් සභා දෙකෙහිම අරමුණු ව්‍යාකූල කර තිබේ .

මෙරට ඉතා ජනප්‍රිය චරිතයක් වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ දේශපාලන චරිතයට එරෙහිව අසත්‍ය මතවාද ප්‍රචාරය කරමින් ජාත්‍යන්තර බලවේග ඔහුට එරෙහිව සංවිධානය කිරීම මෙම තැනැත්තන් ගේ අරමුණයි .මෙම වාර්තාව ලියන මොහොත වන විටත් එක්තරා ස්වාධීන කොමිසමක කොමසාරිස්වරයෙක් විදේශ ගත වී දෙමළ ඩයස්පෝරාවද හවුල් කරගනිමින් රජයට එරෙහිව දැවැන්ත ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර ඇත .මොවුන් හදුනාගෙන වහා මේ අයට විරුද්ධව පියවර ගත යුතු බව දේශප්‍රේමි සංවිධාන ගණනාවක් රජයෙන් ඉල්ලීම් කර ඇත .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page